සෞදි ශ්‍රී ලංකා ලයන්ස් සය සාමාජික ක්‍රිකට් ජය ‘කැන්ඩි ඉලවන්ස්‘ට



සෞදි අරාබියේ නැගෙනහිර පළාත ශ්‍රී ලන්කන් ලයන්ස් ක්‍රීඩා සමාජය මගින්පසුගිය 13 වනදා දමාම් සාබ්සා ක්‍රීඩාංගනයේදී  දෙවන වරටත් සංවිධානය කරන ලද මහා ක්‍රිකට් තරගාවලියෙන් ක්‍රීඩා කණ්ඩායම් 30 ක් පරදවා කැන්ඩි ඉලවන්ස් කණ්ඩායම ජයග්‍රහණය අත්කර ගත්තේය.

සියලුම ක්‍රීඩා ඉසව් උදැසන 7.30 ආරම්භ වූ අතර  රාත්‍රී 7.00 පමණ වනවිට අර්ධ අවසන් තරග ආරම්භ විය. ඒ සදහා ක්‍රීඩා පිටි දෙකක් යොදා ගන්නා ලදී. A ක්‍රීඩා පිටියේ  පී තිබන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම සහ නායක මොහොමඩ් අලිගේ නායකත්වයෙන් කෝල්ස් කණ්ඩායම තරගයට පිවිසි අතර කාසියේ වාසිය ලබාගත් කෝල්ස් කණ්ඩායම තරගයට පිවිස  ඕවර පහක් ඇතුලත ලකුණු 47 ක් ලබා ගත්තේය.මොහොමඩ් නලීම් ලකුණු 25  ක් ලබා ගත්තේ අගනා හයේ පහරවල් දෙකක් සහ හතරේ පහරවල් දෙකක්ද සමගිනි.

ඊට පිළිතුරු ලෙස පිටියට පිවිසි ශ්‍රී ලන්කන් ලයන්ස් කණ්ඩායම ඕවර පහ තුලදී  කඩුලු 3 ක් දැවී ලකුණු 34ක් පමණක්  ලබා ගත් අතර පී තිබන් විසින් ලබාගත් ලකුණු 12 අතරට හතරේ පහරවල් දෙකක් ඇතුලත් විය. ඒ අනුව   එම තරගයෙන් කෝල්ස් කණ්ඩායමට ලකුණු 14 ක ජයක් හිමිවිය.

මේ අතර B ක්‍රීඩා පිටියේ අවසන් දෙවැනි තරගය සදහා කැන්ඩි ඉලවන්ස් සහ ලයන්ස් සිසි කණ්ඩායම් අතර පැවැත්වුණි. කාසියේ වාසිය හිමිකරගෙන පළමුව පිටියට පිවිසි ඩිල්ශාන්ගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ඉලවන්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදී ඕවර පහ තුලදී ලකුණු 44 ලබා ගත් අතර රශ්මි විසින් ලබාගත් ලකුණු 28ට හයේ පහරවල් 2 සමග හතරේ පහරවල් 3ක් ඇතුළත් විය. පිළිතුරු ලෙස පිටියට පිවිසි ශේක්ගේ නායකත්වයෙන් යුත් ලයන්ස් සිසි කණ්ඩායමට ඕවර 5 ඇතුලතදී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 35ක්  පමණි.ෂේක් විසින් ලබාගත් හයේ පහරක් සහ හතරේ පහරවල් හතරක් එයට ඇතුලත් විය.ඒ අනුව ලකුණු 9කින් කැන්ඩි ඉලවන්ස් කණ්ඩායම ජයග්‍රහණය අත්පත් කර ගත්තේය.

රාත්‍රී නවයට පමණ අවසන් මහා තරගයආරම්භ වූ අතර ඒ සදහා  සදහා සුදුසුකම් ලැබූ කැන්ඩි ඉලවන්ස් කණ්ඩායම සහ කෝල්ස් කණ්ඩායම  පිටියට  පිවිස කාසියේ වාසිය ලබාගත් කැන්ඩි ඉලවන්ස් කණ්ඩායම ඩිල්ශාන්ගේ නායකත්වයෙන් පන්දුවට පහර දෙමින් ලකුණු 45 ක් ලබා ගන්නා ලද්දේ ඕවර පහ ඇතුලත කඩොලු දෙකක් පමණක් දැවී යාමෙනි. ඊට පිළිතුරු ලෙස පිටියට පිවිසි කෝල්ස් කණ්ඩායම ට ඕවර පහක් තුළ කඩුලුතුනක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 33ක් පමණි. එම ලකුණු 33 ලබා ගැනීමට මනා දායකත්වයක් දෙමින් හතරේ පහරවල් 3ක් ලබා ගැනීමට නලීම් සමත්විය. කඩුලු ලබා ගැනීමේදී මොහොමඩ් එක කඩුල්ලක් ලබා ගැනීමට සමත්විය. ඒ අනුව සමස්ත තරගාවලියේ ජයග්‍රහණය ලකුණු 12 කින් කැන්ඩි ඉලවන්ස් කණ්ඩායමට හිමිවිය.

මෙම තරගයේ වීරයා වූයේ කැන්ඩි ඉලවන්ස් කණ්ඩායමේ මොහොමඩ් රශ්මිය.  සමස්ත තරගාවලියේ වීරයා ලෙස කෝල්ස් කණ්ඩායමේ මොහොමඩ් නලිම්ද සමස්ත තරගාවලියේම වැඩිම දක්ෂතා පෙන්වන ලද ක්‍රීඩකයා ලෙස මොහොමඩ් රශ්මි (කැන්ඩි ඉලවන්ස් )ලෙසද නම් කෙරිණ.

ත්‍යාග සහ කුසලාන අනුග්‍රාහකත්වය දැක්වූ සෙලාන් බැංකුව,පීසී කාගෝ, යාදී මිඩියා, ගෝල්ඩන් ඩිසයින් යන ආයතන වල නියෝජිතයින් විසින් ප්‍රදානය කරන ලදී. මෙම තරගාවලිය සංවිධානය කිරීමේදී සෞදි අල්රාජී බැංකුවේ( නවා) නවරත්නම් මහතාගේ පුර්ණ දායකත්වය ලැබී තිබිණ.

ලලිත් ප්‍රේමලාල්

19.09.2016 ………. 


RECOMMEND POSTS