සෞදියේ රෝහල්ගත ශ්‍රී ලාංකිකයාට ශ්‍රී ලාංකිකයින්ගෙන් සත්කාර .



 

............

සෞදි අරාබියේ දමාම් මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මාස හතක කාලයක්  නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින ශ්‍රී ලාංකිකයෙකු මේ වන විට සුවය ලබමින් සිටින දැන ගන්නට ලැබිණ. 2014 වසරේ සෞදි අරාබියේ රියදුරෙකු ලෙස රැකියාවට පැමිණ ඇති මොහු අනුරාධපුර යාලේගම පදිංචි කරුවකු වන සුනෙත් කුමාරසිංහ නමැති අයෙකි.

සෞදි අරාබියේ එක්තරා ආයතනයකට පැමිණි සුනෙත් 2016 මාර්තු මස තමා විසින් පදවාගෙන යන ලද වාහනය හදිසි අනතුරකට ලක්වීමෙන් අසාධ්‍යව දමාම් මහරෝහලට ඇතුළත් කර ඇත. මිට මසකට පෙර ඉතාම අසාධ්‍ය තත්වයේ පසුවූ මොහුගේ තත්වය බරපතල බව පෙනී ගියේ කතා කිරීමට හෝ කෙනෙකු හඳුනා ගැනීමට තරම් සිහි කල්පනාවක් නොතිබූ බැවිනි

මාස හතක වැනි දීර්ඝ කාලයක් එකම දැඩි සත්කාර රෝහලක ප්‍රතිකාර ලබාදීම පිළිබදව මොහුගේ ඥාතීන්  විසින් ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශය වෙතද පැමිණිලි කර තිබු අතර රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මොහුගේ තත්වය පිළිබදව සොයා බලා අදාළ ආයතනය වෙත තම නොසතුට පළ කළේ රෝගියාගේ තත්ත්වය පිළිබදව සැහීමකට පත්විය නොහැකි නිසාය.

මේ අතර  තානාපති කාර්යාලයේ උපදෙස් මත දමාම් ප්‍රදේශයේ ක්‍රියාකාරී සමාජ ධරයින් දෙදෙනෙකු වන  දයා කහදවල සහ එල් එස් පතිරාජ යන මහත්මාවරු දිනපතා රෝහලට පැමිණ රෝගියා පිළිබදව අවදියෙන් සිට රෝහල් බලධාරීන් සහ හෙදියන් සමග සුහදව සාකච්ඡා කරමින් රෝගියාගේ වැවුණු රැවුල සහ කොණ්ඩය  පවා කපා අවශ්‍ය ඇප උපස්ථාන කළහ. එමගින් රෝගියා මද සුවයක් ලබා ඇත. රෝගියාගේ තත්වය මේ වනවිට කෙමෙන් සුව අතට පත් වෙමින් තුබුණද තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි.

රෝගියාගේ  ජිවිත අවදානම පිළිබදව කිසියම් විස්වාසයක් ගොඩනැගී තිබුණද පවතින තත්වය හමුවේ තවත් කොපමණ කලක් රෝහල් ගතව සිටීමට සිදුවෙදැයි කිව නොහැක. අදාළ ආයනයයේ බලධාරීන් සමග තානාපති නිලධාරින් සහ ඉහත සමාජ ධරයින්  කිහිප විටක් රෝගියා පිළිබවද කරුණු ඉදිරිපත් කරමින්  ඉල්ලා සිටියේ වෙනත් රෝහලකට හෝ මාරු කර රෝගියා පිළිබවද දැඩි අවධානයක් යොමු කරන ලෙසයි. මොහු පිළිබදව නිතර අවධානය යොමු කරමින් සොයා බලන ශ්‍රී ලාංකික රෝහල් සේවිකාවන් කිහිප දෙනෙකුම සිටින අතර ඔවුන් වෙනුවෙන් අපේ ප්‍රශංසාව යොමු විය යුතුව ඇත.

ලලිත් ප්‍රේමලාල්


RECOMMEND POSTS