විශ්ව ළමා දිනය වෙනුවෙන් සෞදියේ ළමා ප්‍රසංගයක් ...



 

විශ්ව ළමා දිනය නිමිත්තෙන් සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය මගින් පසුගිය සිකුරාදා 25 සන්ධ්‍යා භාගයේදී දමාම් අල් ශෆෙක් අල් බරෙක් උත්සව ශාලාවේදී  විශේෂ ළමා වැඩසටහන් මාලාවක් අති උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කර තිබිණ.විශේෂ සම්භාවනීය ආරාධිත වශයෙන් සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති තැන්පත් අස්මි තාසිම් මැතිතුමා විසින් චිරාගත පොල්තෙල් පහන දැල්වීමෙන් සහ පුර්ණ සහභාගිත්වයෙන් ආරම්භවූ  මෙම ප්‍රසංගය “ළමා චිත්‍ර ප්‍රදර්ශනය සහ හැකියාවන් එලි දැක්වීම”Children Art exhibition And Talent Show යනුවෙන් නම් කර තිබිණ.

සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ ජාත්‍යන්තර පාසල් වල ඉගනුම ලබන සිසු දරු දැරියන් වෙනුවෙන්ම ඉදිරිපත් කරන ලද මෙම ප්‍රසංගයේ තේමාව ලෙස ළමා හැකියාවන් සහ දක්ෂයතාවන්ට දිරිමත් කිරීමත් ඔවුන්ගේ හැකියාවන් ඇගයීම බවත් සංසදයේ ප්‍රකාශකයෙකු පැවසිය, විශේෂයෙන්ම කුඩා දරු දැරියන්ගේ සහජ හැකියාවන් දක්ෂතාවnමොනවට පැහැදිලි කරමින් ඉදිරිපත් කර තිබු චිත්‍ර ප්‍රදර්ශනය වෙත බොහෝ ප්‍රේක්ෂකයින්ගේ අවධානය යොමුව තිබිණ

නර්තන ගර්තන ගීත ගායනා මෙන්ම බ්රේක් ඩාන්ස් වලින්ද  සමන්විත වූ ටැලන්ට් ෂෝ ප්‍රසංගය පැමිණ සිටි සියලු දෙනාම අමන්දානන්දයට පත්වී ප්‍රීති ගෝෂා නගනු දක්නට ලැබිණ  මධ්‍යම රාත්‍රී පමණ වනතෙක් පැවති මෙම ප්‍රසංගයේදී සහබාගිවු  සියලුම දරු දැරියන් හට ත්‍යාග සහ සහතික පත් ප්‍රධානය කිරීම ශ්‍රී ලංකා තානාපති අසමි තාසිම් මැතිතුමාගේ සුරතින් සිදුවිය. මෙම පෙඅසන්ගය නැරඹීම සදහා නැගෙනහිර පළාතේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහබාගි වී තිබිණ.

ලලිත් ප්‍රේමලාල්ද මාම් සිට 


RECOMMEND POSTS