මව් බිමට අත දෙන යුරෝපා සුන්දරියෝ



ප්‍රංශ ශ්‍රීලංකා තරුන සංවිධානයේ සංවිධානත්වයෙන් පැවැත්වීමට නියමිත යුරෝපයේ වෙසෙන ශ්‍රීලාංකික රූප සුන්දරියන් තෝරා පත්කර ගන්නා මිස් ශ්‍රීලංකා ඉන් යුරොප් (Miss Srilanka in Europe)
සැනකෙළි ප්‍රසංඟය 2025 ඔක්තෝම්බර් මස 18 වෙනි සෙනසුරාදා සවස 04 ට පැරිස් කළාප අංක 12හී පිහිටි Rue antoine lulien Henard Salle Epicenter ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් වේදිකාවේ රඟ දැක්වීමට සියලු කටයුතු සූදානම් කර අවසන්ය.

ප්‍රංශය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, බෙල්ඡියම, ඉතාලිය, ජර්මනිය, පින්ලන්තය, එංගලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය යන යුරෝපා රටවල් වලින් තරඟ කාරියන් 14 දෙනෙකු ඉදිරිපත්වී සිටින්නෝය.මෙම තරඟ කාරියන් හැඩ ගැන්වීම තමිදු ජයසේකර, තෙල්මා මොරායස්, නිලු ප්‍රනාන්දු, ශන්කලා පෙරේරා යන අයගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.මෙම විචිත්‍රවත් අසිරිමත් සන්ධ්‍යාව රසවත් කිරීමට ශ්‍රීලංකාවේ ප්‍රවීන රංග හා නර්තන ශිල්පී හා ගායක සඡිත ඇන්තනී සහභාගිවේ.

මෙම උත්සවය සඳහා ප්‍රධාන අනුග්‍රහකත්වය සපයන ශ්‍රීලංකාවේ ප්‍රවීන හා ප්‍රසිද්ධ විලාසිතා නිරූපනියන් වන රොසෑන් ඩයස්, ෆෙත් ලැන්ඩෙස්, රමණී ප්‍රනාන්දු, බුද්ධි බතික් අධිපතිනිය දර්ශී කිර්තිසේන, සෙරන්ඩීබ් මැනික් ව්‍යාපාරයේ අධිපති දොස්තර රුවන් කරුනාදාාස, හෙට්ටිගොඩ සිද්ධාලේප, ජුවෙල් බොක්ස් අධිපතිනිය අනුශා ජයමාලි, කෝලංකා අධිපති බිනුඡ් උබයරත්න ඇතුළු දෙස් විදෙස් අනුග්‍රහක භවතුන් රැසක් සහභාගි වීමට නියමිතය.

මෙම උත්සවයේ මුහුරත් උළෙලක් පසුගියදා පැරීසියේදී පැවැත් වූයේය. ප්‍රංශයේ ශ්‍රීලංකා තනාපති කාර්යාලයේ නිලධාරීන්, අනුග්‍රහකයන්, හා විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගීවූ එම අවස්ථාවේදී උත්සවයේ ප්‍රතිලාභයන් කොළඹ 05 සිංහ සමාජයේ මග පෙන්වීම යටතේ අබාධිත හා පිලිකා රෝගි දරුවන්ගේ සුභ සාධනය සඳහා පිරිනමන බව ඉහත තරුන සංවිධානයේ සභාපතිනිය ෂෙයාරා මෙන්ඩිස් දියණිය විසින් එදින උත්සව සභාවේදී පැවසීය.

යුරෝපයේ රූප සුන්දරියන් තෝරා පත් කර ගත් මෙවැනිම උත්සව දෙකක් මීට වසර ගනනාවකට පෙර පැරීසියේදී පවත්වා ඇති අතර මෙවර පැවැත් වෙන්නේ තෙවන වරටය. නමුත් මෙහිදී විශේෂත්වය වන්නේ සංවිධානත්වය නව පරපුරේ තරුන තරුනියන් පිරිසක් නවීන තාක්ෂණයන් සමග සම්බන්ධ වෙමින් චමිදු ප්‍රනාන්දු, ප්‍රසංඟ සිල්වා, චන්න ගුණසේකර, සිසිර ප්‍රනාන්දු, රොහාන් දයාදර යන උපදේශක මණ්ඩලයේ මහතුන්ගේ අත්දැකීම් සහිත උපදේශන සමග එය ඉතා උසස් මට්ටමේ උත්සවයක් ලෙස පැවැත් වීමට අවශ්‍ය මූලික පියවරයන් තබා ඇත්තේය.. එබැවින් ඔක්තෝම්බර් මස 18 වෙනි දින අවසන් උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන බව නොඅනුමානය.


සුනිල් ආනන්ද පැරීසියේ සිට


RECOMMEND POSTS