මධ්‍ය ගිමිහාන එකමුතුව 2016 අද සවස 7.00ට ඩුබායි හි රෙඩිසන් බ්ලූ හෝටලයේදී
ප්‍රමාණ සමීක්ෂක වෘත්තිකයින් වනාහි මැදපෙරදිග රටවල සේවය කරමින් අප රටට විශාල විදේශ විනිමයක් උපයාදීමට දායක වන පිරිසකි. සියලුම ශ්‍රී ලාංකික ප්‍රමාණ සමීක්ෂකයින්, සාමාජිකයින් ලෙස බඳවාගෙන "ශ්‍රී ලාංකික ප්‍රමාණ සමීක්ෂකයින්ගේ සංගමයක් (SLQS) ඔවුන් පිහිටුවා ගෙන ඇති අතර සාමාජිකයින් වෙනුවෙන් සුවිශාල සේවාවක් මේ සංගමය මඟින් සිදු කරනු ලබයි.
එහි ශාඛා සියලුම මැදපෙරදිග රටවල පිහිටා ඇත. දකුණු ආසියානු රටවල් වල බොහෝ රැකියා තරඟ කාරීත්වය හමුවේ ශ්‍රී ලාංකික ප්‍රමාණ සමීක්ෂකයන්ගේ අනන්‍යතාවය රැක ගැනීමට හා රැකියාවේ ඒකාකාරීත්වයෙන් මිදී සමාජීය සංස්කෘතික ක්‍රියාකාරකම් වලට නැඹුරුවීමට අවස්ථාව සැපයීමට ඔව්න් බොහෝ අවස්ථා නිර්මාණය කරයි.
ඒ අතර සාමාජිකයිගේ වෘත්තීය දැනුම වැඩි දියුණු කිරීම සඳහා පාඨමාලා වැඩමුළු මෙහෙයවීම; සාමාජීය ජීවිතය සතුටුදායක කිරීම වෙනුවෙන් සුහද හමුවීම්, සංගීත ප්‍රසංග, ක්‍රිකට් තරඟමාලා, ලේ දන්දීම් පින්කම් ආදිය සංවිධානය කිරීම ආදී නොයෙක් කටයුතු ප්‍රධාන තැනක් ගනී.
මීට අමතරව තම මව්බිම ගංවතුර වැනි හදිසි තත්වයන්ට මුහුණ දෙන අවස්ථාවලදීද ඔව්න් සංවිධානයක් ලෙස තම දායකත්වය නොමසුරුව ලබා දීමට කටයුතු කරයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ප්‍රමාණ සමීක්ෂකයින්ගේ සංගමය මඟින් 2016 වසරේ ගිම්හානය වෙනුවෙන් සංවිධානය කළසුහද හමුව සැප්තැම්බර් 23 වෙනිදා ඩුබායි නගරයේ ඩේරා රෙඩිසන් බ්ලූ හෝටලයේදී සවස 7ට පැවැත්වේ.