cakes and me හෙට සහ අනිද්දා

සම්මානලාභී කේක් නිර්මාණ ශිල්පිනී තෙයාගි සධනිකා ගමගේ විසින් සිව්වැනි වරටත් ඉදිරිපත් කරනු ලබන 'cakes and me' කේක් ප්‍රදර්ශනය හෙට 25 සහ අනිද්දා 26 යන දෙදින තුළ පෙරවරු 10.00 සිට පස්වරු 06.00 දක්වා ගම්පහ ඉසුරු කේටර්ස් ලෙපර්ඩ් රෙස්ටුරන්ට්හිදී පැවැත්වේ.
ඇයගේ කේක් නිර්මාණ දිවියට වසර 30ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කෙරෙන මෙම ප්‍රදර්ශනයේදී විවිධ තේමාවන් යටතේ කේක් ආකෘති 50ක් බටර් අයිසින් මාධ්‍යයෙන් ඉදිරිපත් කෙරේ.


