ගුණාත්මයට මුල් තැන



සමාජ මාධ්‍ය භාවිතය මඟින් පරිශීලකයින්ට සිදුවන බලපෑම් පිළිබඳව ජාත්‍යන්තර මට්ටමින් දැඩි නිරීක්ෂණයක් සහ විවේචන එල්ල වෙමින් පවතින පසුබිමක, සිය ප්‍රේක්ෂකයින් අඛණ්ඩව රඳවා තබා ගැනීම සඳහා 'උසස් තත්ත්වයේ අන්තර්ගතයන්' (high-quality content) වෙත වැඩි අවධානයක් යොමු කිරීමට ටික්ටොක් (TikTok) පියවර ගෙන තිබේ.

ටික්ටොක් MENA කලාපයේ නිර්මාණකරුවන් පිළිබඳ ප්‍රධානී හායා බර්ගූට් (Haya Barghout) 'අරාබ් නිවුස්' වෙත අදහස් දක්වමින් පැවසුවේ, ප්‍රේක්ෂකයන්ට පැහැදිලි, සිත්ගන්නාසුලු සහ වටිනාකමක් සහිත අන්තර්ගතයන් උසස් තත්ත්වයේ නිර්මාණ ලෙස අර්ථ දැක්විය හැකි බවය.

එමෙන්ම ප්‍රේක්ෂකයින් යම් නිර්මාණයක් නරඹන, ප්‍රතිචාර දක්වන, හුවමාරු කරගන්නා හෝ අදාළ නිර්මාණකරු අනුගමනය කරන ආකාරය අනුව එම අන්තර්ගතයේ ගුණාත්මකභාවය පිළිබිඹු වන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

2000 දශකය මුල් භාගයේ පැවති ස්වරූපයට වඩා වර්තමානය වන විට සමාජ මාධ්‍ය විශාල පරිවර්තනයකට ලක්ව ඇත. මුලින්ම පවුලේ අය සහ මිතුරන් අතර සබඳතා පවත්වා ගැනීමට සීමා වූ මෙම ඩිජිටල් අවකාශය, අද වන විට රැකියා දහස් ගණනක් පෝෂණය කරන මෙන්ම real time සංස්කෘතිය හැඩගස්වන අන්තර්ජාලයේ ප්‍රධානතම මෙහෙයුම් ස්තරයක් බවට පත්ව තිබේ.


RECOMMEND POSTS