සංචාරය කිරීමට ලොව හොඳම රට



සංචාරය කිරීමට ලොව හොඳම රටවල් අතුරෙන් එකක් ලෙස ශ්‍රී ලංකාව ද නම් කිරීමට සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය පියවරගත් බව වාර්තා වේ.
2023 දී සංචාරකයන් වෙනුවෙන් ඇති අවස්ථා සැලකිල්ලට ගනිමින් මෙම නම් කිරීම සිදුකර ඇති අතර ඒ අනුව සංචාරය කිරීම සඳහා ලෝකයේ හොඳම දූපත් 50 ලැයිස්තුවට 2023 වර්ෂයේ දී ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබේ.
 

ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ 13 වන ස්ථානයේ පසුවන අතර ස්පාඤ්ඤය, මැලේසියාව, මාලදිවයින, බාලී, ඉන්දුනීසියාව සහ සීෂෙල්ස් යන රටවල්වලට ඉහළින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම විශේෂත්වයකි.
සංචාරකයින්ට මිත්‍රශීලි ආගන්තුක සත්කාර දැක්වීම සහ ප්‍රණීත ආහාර පාන සැපයීම සහ වෙරළේ සුන්දරත්වය මෙන්ම පුරාණ නටබුන් නැරඹීමේ හැකියාව ශ්‍රී ලංකාව තුළ පවතින බව අදාළ වෙබ් අඩවිය සඳහන් කර ඇත.

RECOMMEND POSTS