විශාලම කැස්බෑ අභිජනන භූමිය

ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන්, දකුණු ඇමෙරිකාවේ ජීවත් වන යෝධ මිරිදිය කැස්බෑවන් 41,000ක් පමණ සිටින ලොව විශාලතම අභිජනන භූමිය සොයාගෙන ඇත. දකුණු ඇමරිකාවේ ගංඟාවල ජීවත් වන මෙම යෝධ කැස්බෑවන්ගේ බර සාමාන්‍යයෙන් ලෝග්රෑම් 61 ට වඩා වැඩිය.
සෑම වසරකම ජූලි සහ අගෝස්තු මාසවලදී මෙම විශේෂයේ ගැහැනු කැස්බෑවුන් බ්‍රසීලය සහ බොලිවියාව අතර මායිම දිගේ ගලා යන ගුවාපෝරේ ගංගංවේ වැලි ඉවුරුවල අභිජනනය සඳහා විශාල සංඛ්‍යාවක් එක් රැස්වෙයි. විද්‍යාඥයන් මෙම කැස්බෑවන් ගණනය කර ඇත්තේ උන්ට බාධාවක් නොවන ලෙස, ඩ්‍රෝන යානා යොදා ගනිමිනි.
ඩ්‍රෝනවලින් ලබාගත් තොරතුරු උපයෝගී කරගනිමින් විශේෂ ගණිතමය ආකෘතියක් නිර්මාණය කර කැස්බෑවන් කොපමණ සිටියේදැයි ගණනය කර ඇත. එහිදී විද්‍යාඥයන්ට දැන ගැනීමට හැකි වී ඇත්තේ කැස්බෑවුන් 41,000 ක් ගං ඉවුරේ සිටින බවය. මෙම දත්ත, කැස්බෑවන්ගේ සංරක්ෂණයට බෙහෙවින් වැදගත් වන බව ද විද්‍යාඥ කණ්ඩායම පවසයි.
ජනේෂා රත්නමලල

