වට් නොන්සන්ස් - මාලු කෑම එකයි



ඔන්න මේකත් සිද්ධ උනේ ආයතනයක් ළඟ තියෙන ප්‍රසිද්ධ කෑම කඩයක් ළඟ.මේ කඩේ අයිතිකාරයාගේ නම සුමතිපාල. කවුරුත් මෙයාට ආදරේට කතා කළේ සුමති කියලා. අහල පහල ඔෆිස් හැම එකේම කෑම ගන්න ආවේ සුමතිගේ කඩේට. උදේට දවල්ට රෑට කියලා වෙනසක් නැහැ , නිතරම සුමතිගේ කඩේ සෙනග පිරිලා හිටියා. එන්න එන්නම කඩේට කෑම ගන්න එන කට්ටිය වැඩි නිසාම සුමති ලස්සනට පිළිවෙලට ඉන්න අමතක කරේ නෑ. කඩේට කෑම ගන්න මිනිස්සු එනකොට කැෂියර් එකේ පුටුවේ සුමති වාඩිවෙලා හැමෝමත් එක්ක හිනා මුසුව හිටියා. සුමති යටතේ සේවය කරන ගෝලයෝ තුන්දෙනෙකුත් හිටියා. දවල් වෙලාවට ඉතින් හරි බිසී කට්ටිය කෑම ඉල්ලන්න ආවම සුමතිය වැඩේ කුස්සියට ඇහෙන්න ඕඩර් එක කෑගහලා කියන එක. රයිස් ඇන්ඩ් කරි වලට මේ කඩේ හරිම ප්‍රසිද්ධයි. 

ඔන්න ඉතින් එක දවසක මේ කඩේ හරිම බිසී දවසක්. හෝ ගාලා කට්ටිය එනවලු කෑම ගන්න. උදේ ඉඳන් කෑ ගහලා කෑ ගහලා සුමතිටත් හරි මහන්සියි. ඒ අතරේ ඔන්න ඉතින් එක්කෙනෙක් ඇවිල්ලා, මාළු කෑම එකක් දෙන්න කියලා සුමතිට කිව්වා. සුමති ඉතිං ගෝලයට ඇහෙන්න "මාළු කෑම එකා....යි " කියලා කෑගහනවත් එක්කම.. සුමතිගේ දත් සැට් එක , චොක් ගාලා වැටුනලු එතන තිබ්බ මස් හෝදි එකට. සුමති හිමීට වටපිට බලලා, දත් සෙට් එක ශේප් එකේ ආපහු කටට දාගත්තලු. එතකොටම එක්කෙනෙක් සුමති අයියේ හොදි ටිකක් දෙන්නකෝ කියල කිව්වම අර මස් හොදි එකම ඒ මිනිහට දුන්නලු. මාළු කෑම එක ගන්න ආපු මනුස්සයා මේක දැකලා. කෑමත් නොගෙනම සුමතිට බැන බැන ගියාලු ඉතින්.

RECOMMEND POSTS