ලේ බොන ගුප්ත සතා: චුපකාබ්රා



චුපකාබ්රා (Chupacabra) යනු ගුප්ත සත්ව විද්‍යාව හෙවත් ක්‍රිප්ටෝ සූලොජි (Cryptozoology) ක්ෂේත්‍රය තුළ ප්‍රකටව කතාබහට ලක්වන, ජීව විද්‍යාත්මකව පැවැත්ම තහවුරු කර නොමැති අභිරහස් සතෙකි. ස්පාඤ්ඤ භාෂාවෙන් චුපකාබ්රා යනු ‘එළුවන්ගේ ලේ බොන්නා’ යන අරුතය.

මෙම ගුප්ත සතා ගැන ප්‍රථම වාර්තාව 1995 දී පුවර්ටෝ රිකෝ දූපතෙන් වාර්තා විය. ගොවිපළවල වෙසෙන එළුවන් සහ බැටළුවන්ගේ ගෙල ප්‍රදේශය සිදුරු කර උන්ගේ ලේ පානය කරන බවට පැතිර ගිය වාර්තාත් සමඟ, ලතින් ඇමෙරිකාව ඇතුළු කලාප කිහිපයක මෙම ගුප්ත සත්වයා පිළිබඳ විශාල භීතියක් සහ කුතුහලයක් ගොඩනැඟුණි.

විද්‍යාත්මක සහ ව්‍යාධිවේදී (Pathological) පරීක්ෂණ මගින් පෙන්වා දෙන්නේ චුපකාබ්රා යනු ජනප්‍රවාදගත මිථ්‍යාවක් සහ වැරදි නිරීක්ෂණවල ප්‍රතිඵලයක් බවය. 
 
Live Science ඇසුරිනි


RECOMMEND POSTS