රහස් සඟවාගත් අයිස් කුට්ටිය

වසර මිලියන 1.5 කට වඩා පැරණි අයිස් සාම්පලයක් බ්‍රිතාන්‍ය පර්යේෂණ කණ්ඩායමක් සතුව පවතී. එය පරීක්ෂා කිරීමට එරට විද්‍යාඥායන් සූදානම් වන බවට විදෙස් මාධ්‍ය අවධානය යොමු කර ඇත.
මෙම වසර මුලදී නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ ගැඹුරු සාගරයෙන් අයිස් නිස්සාරණය කරන ලද අතර එය වසර මිලියන 1.2 ක් පමණ පැරණි යැයි සැලකෙයි. පෘථිවියේ පාරිසරික ඉතිහාසය ගැන වැඩි විස්තර හෙළි කර ගත යුතුයි යන බලාපොරොත්තුවෙන් විද්‍යාඥයෝ මේවනවිට අයිස් දිය කරමින් සිටිති.
සිදු කරන පර්යේෂණ ඔස්සේ පෘථිවියේ ඓතිහාසික උෂ්ණත්වය සහ හරිතාගාර වායු මට්ටම් අධ්‍යයනය කිරීමෙන් අනාගත දේශගුණික විපර්යාස පුරෝකථනය කිරීමට හැකි වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. ඉදිරි සති හත සඳහා, එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් නගරය පදනම් වූ කණ්ඩායමක් මෙම ඇන්ටාක්ටික් අයිස් සාම්පලය සෙමෙන් දියකරන බව ද පැවැසෙයි.
මෙහිදී පුරාණ දූවිලි, ගිනිකඳු අළු සහ ජලය අයිස් බවට පත් වූ විට ඇතුළත සිරවී තිබූ කුඩා සාගර ඇල්ගී පවා ලබා ගැනීම විද්‍යාඥයන්ගේ අපේක්ෂාවය. ඒවා හරහා වසර මිලියනයකට වඩා පෙර සුළං රටා, උෂ්ණත්වය සහ මුහුදු මට්ටම කෙබඳුද යන්න වඩා හොඳින් තේරුම් ගැනීමට උදවු වනු ඇත.
මනීෂී මංජරී

