මිහිතලය රැකගන්න පය පෙරට තැබූ ළමා වීරවරිය



2019 සුවිශේෂී පුද්ගලයා වශයෙන්, සුප්‍රසිද්ධ “ටයිම්” සඟරාව විසින් නම් කරන ලැබ සිටින්නේ දහසය හැවිරිදි ග්‍රේටා තන්බර්ග් නම් මානවිකාවයි. පාරිසරික ව්‍යසනයෙන්, මානව සංහතිය ගලවා ගැනීම සඳහා අත්‍යයන්තයෙන් කැපවී සිටින ග්‍රේටා තන්බර්ග් නම් යෞවනියගේ පිරිවර අද, ලොව හැමතැනකම පාහේ, පරිසරය රැක ගන්නට කැපවී සිටිති.

මේ දැරිය උපතින් ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරවාසියෙකි. පරිසරය ගැන ඒ බාලිකාව තුළ දැඩි ආවේග යක් හටගන්නේ ඒ නගරයේදීය. නගරයේ පාර්ලිමේන්තුවට යන පාර තැනී තිබුණේ ගල් ඇල්ලූ මාර්ගයක් වශයෙනි. මේ දැරිය, සිය නගරයේ පාර්ලිමේන්තුව වෙත තිබුණු නොදියුණු පාර්ලිමේන්තු මාවත ගැන සිතාගෙන යනවිට ඇයට ඉතා දැඩි ලෙස අවබෝධ වූයේ අප වෙසෙන මේ මුළු පෘථිවි තලයම, පරිසර හානියට ලක්වී ගෙන යන බවයි. මිනිසා විසින් සිදු කෙරෙන පරිසර විනාශය නැවැත්වූයේ නැත්නම් තව වසර තිහක් වැනි සුළු කාලයක් තුළදී මිනිසාගේ “නිවාසය” වන මිහිතලය වැනසී යා හැකි යැයි අවබෝධ කොටගත් ග්‍රේටා දැරිය, පාරිසරික විනාශයෙන් ලෝකය බේරා ගන්නට කැපවිය යුතු යැයි, ඒකමතිකව, දැඩි අධිෂ්ඨානයකට එළැඹුණාය.

තමා වැනි යොවුන් උදවියගේ අනාගතය නැතිවන්නට ඉඩ දිය යුතු නැතැයි කියන මානව වීරත්වය පිළිබඳ ආවේග යෙන් ඇලලී ගියාය. මෙසේ සසල වූ ආධ්‍යාත්මය සහිත, දහසය හැවිරිදි ග්‍රේටා තන්බර්ග්ට හිතා ගන්නවත් බැරි තරම් වූ අනන්ත උද්‍යෝගයකින් පෙළඹුණු කෝටි සංඛ්‍යාත පරිසර සංරක්‍ෂණකාමී මහා දරු - දැරි පරපුරක්, අද ලොව මුළුල්ලේ හැම පෙදෙසක් පුරාම විසිරී සිටිති. අද ලොව දරු දැරියන් කියන්නේ සතියෙ අග දවස සිකුරාදා අනාගතය බේරා ගැනීම සඳහා වෙන්කළ යුතුය කියාය. මේ දහසය හැවිරිදි තන්බර්ග්ගේ සුළු වචනවලට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ඇතුලු කෘතහස්ත දේශපාලන නායකයෝත් ඇයගේ, ඒ කැපවීම මානව ගුණාංගය අගය කළහ. තමන් විසින් කෙරෙන අනතුරු ඇඟවීම සඳහා, ලෝක නායකයන්ගේ අවධානය යොමුකර යහපත් ප්‍රතිඵල අත්කර ගැනීමට ඇය සමත්වූවාය. අද ලෝකය මුළුල්ලේ, පවනක් බදු වේගයෙන් පැතිර යන, පරිසර විනාශයෙන් සංරක්‍ෂණය වළක්වා ගැනීම පිළිබඳ සටන, සුළුපටු අරමුණකින් කෙරෙන්නක් නොවේ. මිනිසාට, ලබන අවුරුදු තිහ පමණ කාලය තුළ, පරිසර විනාශය වළක්වා ගත හැකි වූයේ නැත්නම් මිනිසාට “ප- ෘථිවිය” නම් නිවාසයක් ඉතිරි නොවේ. “ටයිම්” සඟරාව වැනි ලෝක ප්‍රසිද්ධ ප්‍රකාශනයක් විසින් 2019 යේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා වශයෙන් “ග්‍රේටා තන්බර්ග ්” දැරිය නම් කරන ලද්දේ අද මානව සමාජයේ කාටත්, පරිසර විනාශයේ භයානකකමත්, අපට ලැබී තිබෙන ඉතිරි කාලය තුළ අපට මේ විනාශය සහමුලින්ම තුරන්කොට ගෙන “මානව නිවාසය” ආරක්‍ෂා කොට ගත හැකි නොවේදැයි කියන සැකයක් නිසාත්ය. “ඇමර්සන්” වන තීරය ලැව් ගින්නෙන් මහා විනාශයට පත්වී ගෙන එන්නේය.

ලොව පුරා බොහෝ පෙදෙස්වල (කැලිෆෝනියාව) ඕස්ටේ්‍රලියාවේ නැගෙනහිර පියෙස ආදී පෘථූල වනගහන ලැව් ගින්නට අසුව තිබේ. ග්‍රේටා තන්බර්ග් දහසය හැවිරිදි දැරිය, මේ මානුෂික අර්බුදය සකල ලෝකයා විසින් තම තමන්ගේ ජීවන ප්‍රශ්නයක් වශයෙන් සලකමින් මින් මිදෙන්නට ඉතාම හෘදයාංගම ලෙස අහිංසක “සටනකට” සහභාගී වෙමිනි. මෙවැනි තැනකට පත්ව සිටින ලෝකය ඉන් මුදා ගන්නා පිණිස පෙනී සිටින 2019 වර්ෂයේ විශේෂිත පුද්ගලයා වශයෙන්, ලෝකයේ සුප්‍රසිද්ධ “ටයිම්’ සඟරාව විසින් මෙවර දහසය හැවිරිදි ග්‍රේටා තන්බර්ග් පත්කිරීම ලෝකයටම ආදර්ශයකි. ශ්‍රී ලංකාවේ අපිද අපේ දරුවන් “ග්‍රේටා තන්බර්ග ්” දහර වීරයන් බවට පත් කිරීමට අද සිටම ප්‍රයත්න දැරිය යුතු වෙමු. 2019 අගභාගය ලෝක සාමයට හිතකර වූයේය. මහා බි්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විශිෂ්ට පාලන බලයක් ලබාගෙන තමන් “බ්‍රෙක්සිට්” ආරවුල, ජයග්‍රාහීව නිරවුල්ව ජය ගත්තේය. 2019 වර්ෂයේ ටයිම් සඟරාවේ, විශිෂ්ටතම පුද්ගලයා “ග්‍රේටා තන්බර්ග්” වූ විට, දහසය හැවිරිදි දැරියකට වුවද, ඇහුම් කන්දෙන්නට, ලෝකයේ කෝටි සංඛ්‍යාත ජනී - ජනයා සූදානම් බව, ජගත් මට්ටමෙන් පිළිග ැනුණේය. ඒ නිසා, අද ලබා තිබෙන්නේ දහසය හැවිරිදි අයෙකුට වුවද ස්වමතයෙන් මානව චින්තනය වෙනස් කළ හැකි සාමයට කැපවූ යුගයකි. 2019 “ටයිම්” සුවිශේෂී පුද්ගල ග්‍රේටා තන්බර්ග් අද යුගයේ යහපත් පරිසර හිතකාමී පක්‍ෂයේ උච්චතම මූර්තියයි. “ග්‍රේටා තන්බර්ග්” ට ජයවේවා.

 


RECOMMEND POSTS