මරණයක් නැති සතා - අමරණීය ජෙලිෆිෂ්

සොබාදහමේ මරණයක් නැති සත්වයකු සිටිනවා යැයි කීවොත්, ඔබ එය විශ්වාද කරනවාද? ජීව විද්‍යාවේ සහ පැවැත්මේ නීතිවලට අභියෝග කරන, සදාකල් තරුණව සිටින, මේ සත්වයා අමරණීය ජෙලිෆිෂ් (Immortal Jellyfish) ය.
ටුරිටොප්සිස් ඩෝර්නි Turritopsis Dohrnii යන සත්ව විද්‍යාත්මක නාමයෙන්, මේ සත්වයා හැඳින්වෙයි. ප්‍රමාණයෙන් කුඩා මෙම ජෙලිෆිෂ් විශේෂයට, වයසට යෑම, රෝග හෝ තුවාල නිසා මරණයට මුහුණ දීමට සිදුවන විට, ක්ෂණිකව තමන්ගේ ජීවන චක්‍රය ආපස්සට හැරවීමට පුදුමාකාර හැකියාවක් තිබේ. මරණයක් නැති සත්වයා යනුවෙන් අමරණීය ජෙලිෆිෂ් හැඳින්වෙන්නේ එබැවිනි.
අමරණීය ජෙලිෆිෂ්, නිකම්ම ඉක්මනට තුවාල සුව කරන සතෙක් නෙවෙයි. මේ සත්ත්වයාට වචනාර්ථයෙන්ම ආපසු ‘ළමා කාලයට’ යෑමට හැකියාව ඇත. ඒක කාලය හරහා අතීතයට යෑමක් වැනිය. ජෙලි ෆිෂ්ගේ මේ අමරණීය භාවය පිළිබඳ රහස විද්‍යාඥයෝ අදටත් අධ්‍යයනය කරමින් සිටිති. මේ අමරණීය අමරණීයභාවය මිනිසාට ලබාගන්න පුළුවන් කියන අදහසින් තමා ගොඩක්ම පරේෂණ කටයුතු සිදුවන බව ද පැවැසෙයි.
සාමාන්‍යයෙන් ජෙලිෆිෂ් විශේෂ ජීවිතය අවසන් කරන්නේ, මැඩූසා (Medusa) අවධියේදී, එනම් අප දකින කුඩයක හැඩැති අවධියේදී, මිය යෑමෙනි. එසේ වුවත්, ටුරිටොප්සිස් ඩෝර්නි Turritopsis Dohrnii නමැති මේ ජෙලිෆිෂ් මරණයට මුහුණ දෙන අවස්ථාවකදී (දැඩි පාරිසරික පීඩනය, තුවාල හෝ වයසට යෑම නිසා), ක්ෂණිකව සිය සෛල 'පොලිප්' නම් වූ ළමා අවධියට නැවත හැරවීමට පටන් ගනී.
මෙය සිදුවන්නේ ට්රාන්ස්ඩිෆරෙන්ටියේෂන් (Transdifferentiation) නම් ක්‍රියාවලියක් මගිනි. ජෙලිෆිෂ්ගේ පරිණත සෛල (උදා: මාංශ පේශී සෛල) නැවතත් අලුතින් පටක සෑදිය හැකි සෛල බවට පත් වෙයි. මෙය හරියට පරිණත සමනලයෙකු නැවතත් දළඹුවකු බවට හැරවීම වැනිය. අලුතින් නිර්මාණය වන පොලිප් අවධිය, පසුව නැවතත් වර්ධනය වී, ජානමය වශයෙන් මුල් ජෙලිෆිෂ් හා සමාන, අලුත්, තරුණ ජෙලිෆිෂ් බවට පත් වෙයි. ඒ අනුව, මරණය වංචා කරන සත්වයකු ලෙස ද මේ ජෙලිෆිෂ් සැලකිය හැකිය.
BBC ඇසුරිනි

