මම යනු කවුරුන්ද?

හිතන්න යමක් කියන්නයි, මේ සූදානම. අප කවුරු කවුරුත් ‘මම’ යනුවෙන් කියන්නේ කාටද? අප සිරුර සහ අප සිතුවිලිවලටද? නැතිනම් අපේ සිරුරට පමණක්ද? ‘මම’ යන මනුෂ්‍යයා තනි ජීවියකුද? නැත. නිවැරදිව කීවොත්, එය ඇවිදින පරිසර පද්ධතියකි.
සිරුරේ ඇති ‘මිනිස්’ සෛල ගණන දළ වශයෙන් ට්‍රිලියන 30 කට වැඩිය. අප නිර්මාණය වන්නේ මේ ඇසට නොපෙනෙන කුඩා සෛලවල එකතුවකිනි. ඒ සෛලවලට අමතරව, සිරුරේ සිටින බැක්ටීරියා, වයිරස, දිලීර ආදී සෛල ගණන විද්‍යාඥයන්ට අනුව, දළ වශයෙන් ට්‍රිලියන 38 කි. ඒ අනුව, කල්පනා කර බැලුවෝතින්, මගේ සිරුරේ සියයට 50 කට වඩා සිටින්නේ ‘මම’ නොවෙයි.
අප ජාන (Genes) ගැන කතා කළොත්, මිනිස් ජාන එකතුවක (genome) ජාන 20,000ක් විතර අඩංගු වෙයි. එහෙත්, ශරීරයේ ජීවත් වන මේ ක්ෂුද්‍ර ජීවීන්ගේ එකතු කළ ජාන එකතුවක, ජාන මිලියන 2ත් 20ත් අතර ප්‍රමාණයක් අඩංගු වෙයි. එසේ නම්, ජානමය සංයුතිය සහ ක්‍රියාකාරීත්වය අතින් සලකා බැලුවොත්, ‘ඔබ’, ‘මම’ මනුෂ්‍ය අප සියලු දෙනා සියයට 99 ක්ම ක්ෂුද්‍ර ජීවියකු නොවේද?
Live Science ඇසුරිනි

