දුෂ්කරම ගම්මානය

චීනයේ සිචුවාන් (Sichuan) පළාතේ පිහිටි අටුලීර් (Atuleer) ගම්මානය, එහි අතිශය දුෂ්කර පිහිටීම නිසා "කඳු මුදුනේ ගම්මානය" (Cliff Village) ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව තිබේ. මෙම ගම්මානය මීටර් 1400-1600ක් උසින් වූ කඳු බෑවුමක පිහිටා ඇත. දශක ගණනාවක් තිස්සේ මෙහි වැසියන් බොහෝ අභියෝග මුහුණ දෙයි.
අටුලීර් ගම්මානයේ ප්‍රධානම අභියෝගය වූයේ ගම්මානයට පිවිසීමට තිබූ එකම මාර්ගයයි. එයකඳු බෑවුමක් දිගේ එල්ලෙන කඹ පඩිපෙළවල් 13ක්පමණක් විය. මෙම මාර්ගය අතිශයින්ම භයානක වූ අතර, විශේෂයෙන් ළමයින්ට පාසල් යාම, රෝගීන්ට වෛද්‍ය පහසුකම් ලබා ගැනීම සහ වෙළඳපොළට භාණ්ඩ ප්‍රවාහනය කිරීම වැනි එදිනෙදා කටයුතු සඳහා එය විශාල බාධාවක් විය.
ගමනාගමනයේ අපහසුතා නිසා අටුලීර් ගම්මානයේ ආර්ථිකය දැඩි ලෙස සීමා වු අතර ගොවිතැන් කටයුතු සඳහා ඉඩම් හිඟ වූ අතර, නිපදවන ලද භෝග වෙළඳපොළට ගෙන යාම ද අසීරු විය. අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය දුෂ්කර වූ නිසා, ගම්වැසියන්ගේ ජීවන තත්ත්වය ඉතා පහළ මට්ටමක පැවතිණි.මෙම අපහසුතා නිසා බොහෝ දෙනෙක් ගම්මානය අතහැර ගොස් ඇත.අ
අටුලීර් ගම්මානයේ දුෂ්කරතාවය ජාත්‍යන්තර අවධානයට ලක්වීමත් සමඟ, චීන රජය මෙයට විසඳුම් ලබා දීමට පියවර ගත් අතර 2016 වසරේදී, පැරණි කඹ පඩිපෙළ වෙනුවටවානේ පඩිපෙළක්ඉදිකරනු ලැබිණි. මෙය මීටර් 800කට වඩා උසකින් යුක්ත වන අතර, පෙර පැවති මාර්ගයට වඩා ආරක්ෂිත සහ පහසු විය. මෙය ගම්වැසියන්ට විශාල සහනයක් විය.2020 වසරේදී චීන රජය විසින් අටුලීර් ගම්මානයේ වැසියන් විශාල පිරිසක් වඩාත් පහසු ප්‍රදේශවල ඉදිකළනව නිවාස වෙත ස්ථාන මාරු කිරීමේ වැඩසටහනක්ක්රියාත්මක කළ අතර මෙම නව නිවාස නාගරික පහසුකම්වලට සමීපව ඉදි කර ඇත.
අද වන විටඅටුලීර් ගම්මානයේ සුවිශේෂී පිහිටීම නිසා එයසංචාරක ආකර්ෂණයක්බවට පත්ව තිබේ.
ට්‍රිස්ටන් ඩා කුන්හා(Tristan da Cunha) යනු, දකුණු අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති, ලෝකයේ වඩාත්ම හුදකලා වූ ජනාවාස දූපතයි. දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයේ සිට කිලෝමීටර් 2,400කට වඩා ඈතින් පිහිටා ඇති මෙම දූපතට ළඟා වීමට සතියක පමණ බෝට්ටු ගමනක් අවශ්‍ය වේ. මෙහි ස්ථිර ජනගහනය 300කට ආසන්න වන අතර, ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ධීවර කර්මාන්තයයි. අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා ලබා ගැනීමේදී ඇතිවන දැඩි ප්‍රවාහන අපහසුතා සහ සීමිත සම්පත් නිසා මෙහි ජීවිතය අතිශය දුෂ්කර වී ඇත. කාලගුණය අයහපත් වූ විට දූපතට ළඟා වීම හෝ පිටවීම අතිශයින්ම අපහසු වේ.
රුසියාවේ සයිබීරියානු ප්‍රදේශයේ පිහිටා ඇති ඔයිමියාකොන්(Oymyakon) ගම්මානය, පෘථිවියේ වඩාත්ම ශීතලම ස්ථිර ජනාවාස ස්ථානය ලෙස ප්‍රසිද්ධය. ශීත ඍතුවේදී මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක -50°C ට වඩා පහළ බසින අතර, වාර්තාගත අවම උෂ්ණත්වය -71.2°C වේ. මෙතරම් අධික ශීතලකදී එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම අතිශය දුෂ්කරය. ජලය මිදීම, වාහන ක්‍රියා විරහිත වීමසහ විදුලිය ඇනහිටීම වැනි ගැටලු නිරන්තරයෙන් පැන නගී. මෙහි වැසියන්ට විශේෂ ඇඳුම්, උණුසුම් නිවාස සහ උණුසුම්ආහාර වර්ග මත යැපීමට සිදුවේ. පාසල් පවා වසා දමනු ලබන්නේ උෂ්ණත්වය -52°C ට වඩා පහළ ගිය විටදී පමණි.
පේරු හි ඇන්ඩීස් කඳුකරයේ පිහිටා ඇති ලා රින්කොනාඩා(La Rinconada)නගරයමුහුදු මට්ටමේ සිට මීටර් 5,100ක් (අඩි 16,700ක්) උසින් පිහිටි ලෝකයේ උසම ස්ථිර ජනාවාසයයි. මෙහි ජීවත් වන දහස් ගණනක් ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ රත්තරං ආශ්රිත පතල් කර්මාන්තයයි. මෙහි උන්නතාංශයේදී වාතයේ ඔක්සිජන් මට්ටම ඉතා අඩු වේ.මූලික යටිතල පහසුකම් නොමැතිකම, සනීපාරක්ෂක ගැටලු සහ පරිසර දූෂණය (විශේෂයෙන් රසදිය භාවිතය නිසා) මෙහි ජීවිත් වන පුද්ගලයන් මුහුණදෙනගැටලු අතර ප්‍රධාන වේ.
මහනුවර දිස්ත්රික්කයේනකල්ස් කඳු පන්තිය මධ්‍යයේ පිහිටිමීමුරේ ගම්මානයශ්රී ලංකාවේදුෂ්කරම ගම්මානවලින්එකක් ලෙස ප්‍රසිද්ධයි. මෙයට ළඟා වීමට අපහසු නිසාෆෝ වීල් ඩ්රයිව්වාහනහෝ පයින් ගමන් කිරීමට සිදුවේ.ගම්වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපායගොවිතැනවන අතර, මූලික පහසුකම් (විදුලිය, මාර්ග, සෞඛ්‍ය, සන්නිවේදන)හිඟකම නිසා ඔවුන් අභියෝග රැසකට මුහුණ දෙති.එහෙත්මීමුරේහි පවතින සුවිශේෂීස්වභාවික සුන්දරත්වය, දෙස් විදෙස්සංචාරකයින්ආකර්ෂණය කර ගැනීමට සමත් වී ඇති අතරසංචාරක ව්‍යාපාරය ගම්වැසියන්ට අමතර ආදායම් මාර්ගයක් සපයනු ලබයි.
සශිනි අප්සරා වීරසූරිය

