දින දෙකකින් හැදූ ගොඩනැගිල්ල



ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දිනෙන් දින වාර්තා පිහිටුවන චීනය, පසුගිය දා තවත් වාර්තාවක් පිහිටුවීමට සමත් විය. එය ලෝක වාර්තාවක් ද විය. චීන ඉන්ජිනේරුවන් මහල් 10කින් යුත් ගොඩනැගිල්ලක් පැය 28 ක කෙටි කාලයකන් ඉදි කිරීමය. චීන ඉන්ජිනේරුවන් කළේ ගොඩනැගිල්ල ඉදි කිරීම පමණක් නොව, ඊට විදුලිය සහ ජල පද්ධති සවි කර, වාසයට සුදුසු තත්ත්වයකට පත් කිරීමය.

මෙම ගොඩනැගිල්ල මේ අයුරින් වේගයෙන් ඉදි කළේ පෙරසැකසුමි තාක්ෂණය භාවිතයට ගනිමිනි. මෙහිදී, ගොඩනැගිල්ලට අවශ්‍ය කොටස් කල්තියා වෙනත් ස්ථානයකදී නිපදවා, පසුව ඒවා ගොඩනැගිල්ල ඉදි කිරීමට නියමිත ඒ අදාළ ස්ථානයේ දී ඉතා ඉක්මනින් එකලස් කිරීම සිදුවිය. අවශ්‍ය කොටස් නිර්මාණය සඳහා ඒ.අයි. තාක්ෂණය, ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය භාවිතයට ගැනුණි. ඒක් ඒක් කොටස නිවැරදිව නිර්මාණය වීම ඒවා ඉක්මණින් ඒකලස් කිරීමට පහසුවක් විය. සාම්ප්‍රදයික ඉදිකිරීමකදී මෙන්, ගුණාත්මක භාවය ද ඉතා ඉහළ බව පැවැසෙයි.

ෂින්හුවා ඇසුරිනි


RECOMMEND POSTS