ජෙජු දූපතේ සැබෑ දිය කිඳුරියෝ



දකුණු කොරියාවේ ජෙජු දූපතේ ‘හේනියෝ’ නැමති විස්මිත කාන්තාවෝ පිරිස සෑම දිනකම නැගෙනහිර චීන මුහුදේ කිමිදෙමින් ජීවත් වෙති. මෙම කාන්තාවන් දවසෙන් වැඩි හරියක් ගත කරන්නේ මුහුදේ කිමිඳෙමිනි. 

බීවර්, හිම වලසුන් සහ දිය බල්ලන්ට වඩා වැඩි කාලයක් මෙම කාන්තාවෝ දියේ ගත කරන බව පැවැසෙයි. ‘හේනියෝ’ කාන්තනේගේ මෙම සුවිශේෂී හැකියාව ගැන පර්යේෂණයක් කිරීමේ අරමුණින් පරීක්ෂණ පැවැත්විණි.

‘හේනියෝ’ කාන්තාවන් සාමාන්‍යයෙන් මීටර් 1 ත් 3 ත් අතර ගැඹුරකට  කිමිදෙන බවත්, වරකට තත්පර 11 ක් පමණ ජලය යට රැඳී සිට, නැවත කිමිදීමට පෙර තත්පර 9 ක් පමණක් ඉහළට පැමිණෙන බවත් පැවැසෙයි. මොවුන් දිනකට පැය 05 ක් දක්වා මෙය නැවත නැවත කරන බව ද පැවැසෙයි.

විද්‍යාඥයින් පුදුමයට පත් කළ කරුණ නම්, කිමිදීමේදී කාන්තාවන්ගේ හදවත් වේගය අඩු වීම වෙනුවට වේගයෙන් ස්පන්දනය වීම සහ ඔවුන්ගේ ඔක්සිජන් මට්ටම ස්ථාවරව පැවතීමය. ඊටත් වඩා පුදුමයට කරුණක් නම්, මෙම කාන්තා කිමිදුම්කරුවන්ගෙන් බොහෝ දෙනා වයස අවුරුදු 70 ක් පමණ වන අය වීමය.

පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ, හේනියෝවරුන්ට සීතල ජලය, රුධිර පීඩනය සහ සාමාන්‍යයෙන් මිනිසුන් භීතියට පත් කරන ඉහළ කාබන්ඩයොක්සයිඩ් මට්ටම පවා හැසිරවීමට හැකිවන ආකාරයේ විශේෂ ජාන තිබිය හැකි බවය.

මනීෂී මංජරී


RECOMMEND POSTS