කුණාටු මැදින් පියඹන මූදු කුරුල්ලෝ

ඩෙසර්ටාස් පෙට්රල් Desertas Petrel නමැති දුර්ලභ මුහුදු කුරුල්ලන් අනෙකුත් කුරුල්ලන් මෙන් සුළි කුණාටවලට බිය වී ඒවායින් බේරීමට උත්සාහ ගන්නේ නැත. ඔවුහූ එය තම වාසියට හරවා ගෙන, ආහාර සොයා ගැනීමට උපයෝගී කර ගනිති. පෙට්රල් මුහුදු කුරුල්ලන් සිංහලෙන් හැඳින්වෙන්නේ පිටරැළයා යනුවෙනි.
පරවියකුට වඩා ප්රමාණයෙන් තරමක් ලොකු මෙම කුරුල්ලන්, කුණාටු සහිත තත්වයකදී ගතික ග්ලයිඩිං (dynamic soaring) තාක්ෂණය භාවිතා කර සුළඟේ ශක්තියෙන් පැයට කිලෝමීටර 100ක වේගයෙන් පියාසර කරන බව ද පැවැසෙයි.
සටහන - සශිනි අප්සරා
BBC ඇසුරිනි

