උල්කාපාතය වෙන්දේසියට

NWA 16788 යන කේත නාමයෙන් නම් කළ අඟහරු උල්කාපාතය, ඇමරිකාවේ එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී පසුගිය දා ප්රදර්ශනයට තැබුණි. ඒ වෙන්දේසි කිරීමේ අරමුණින්ය.
මෙම උල්කාපාතයේ ඇස්තමේන්තුගත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 2 සිට මිලියන 4 කි. උල්කාපාතය මිලිමීටර් 374.7 ක් දිග, මිලිමීටර් 279.4 ක් පළල, මිලිමීටර් 152.4 ක් උස, කිලෝග්රෑම් 24.67 ක් බර බව පැවැසිණි.
පෘථිවියෙන් හමුවුණු, විශාලතම අඟහරු උල්කාපාතය ලෙස සැලකෙන්නේ මෙයයි. අඟහරුගෙන් වෙන් වුණු මෙම කැබැල්ල දැවැනත්ත මෙය ග්රහකයක් ලෙස පෘථිවියට පතිත වී ඇත. මෙම උල්කාපාතය 2023 වසරේ නොවැම්බර් මාසයේදී දකුණු අප්රිකාවෙන් හමුවුණු බව පැවැසෙයි.
CGTN ඇසුරිනි

