ඉතාලි වෙරළාරක්ෂකයෝ සංක්‍රමණිකයන් 3000ක් බේරා ගනිති



 
 
 
රෝමයේදීය (රොයිටර්)
සිසිලි සමුද්‍ර සන්ධිය ආසන්න මුහුදේදී වෙන වෙනම කරන ලද මුදා ගැනීම් මෙහෙයුම්වලදී සංක්‍රමණිකයන් 3--000ක් බේරාගැනීමට ඉතාලි වෙරළාරක්ෂකයෝ සමත්වූහ. ඒ අනුව දින දෙකකදී බේරාගත් සංක්‍රමණිකයන් සංඛ්‍යාව දස දහසක් යැයි ද වාර්තා විය. 
කුඩා කුඩා බෝට්ටුවලින් ඉතාලිය බලා එන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි සංක්‍රමණිකයන් පැමිණෙන බෝට්ටු දිගු මුහුදු ගමන් සඳහා යෝග්‍ය නොවන බව ද එය ඉතා අවදානම් යැයි ද ඉතාලි බලධාරිහු පෙන්වාදෙති. කෙසේ වෙතත් මුදා ගත් පිරිස කුමන ජාතිකයන්ද යන්න අනාවරණය නොවීය. 
 
මේ වසරේ ගතවූ කාලයේදී ඉතාලියට බෝට්ටුවලින් පැමිණි සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 105,000ක් යැයි ද ඔවුන්ගෙන් වැඩි දෙනා ලිබියානු ජාතිකයන් යැයි ද සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසයි. එම කාලය තුළදීම මියගිය සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 2,726ක් යැයි ද එම සංවිධානය පෙන්වා දෙයි. 
 
පසුගිය සතිය පුරාවට මුහුදු ගමන්වලට හිතකර කාලගුණ තත්ත්වයක් පැවැතීම නිසා සංක්‍රමණකියන්ගේ පැමිණීමේ වර්ධනයක් ඇතැයි ද පැවසේ. ඉරිදා දිනයේදී මුදාගත් සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 1,1100ක් වනවිට සඳුඳා දිනයේදී දිනයේදී මුදාගත් සංඛ්‍යාව 6,500ක් යැයි ඉතාලි බලධාරහු පැවැසූහ. සඳුඳා දිනයේ මුදාගත් සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව දිනක් තුළ මුදාගත් වැඩිම සංක්‍රමණිකයන් සංඛ්‍යාව යැයි ද පැවැසුණි. 
 
යුරෝපය මුහුණ දී සිටින සංක්‍රමණික අර්බුදයේදී වැඩි බලපෑමක් වී ඇත්තේ ඉතාලියටය. පසුගිය වසර තුනක කාලයේදී දුප්පත්කම හා ප්‍රචණ්ඩත්වය නිසා උතුරු අප්‍රිකාවේ සිට ඉතාලියට පැමිණි සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 400,000කට වැඩි යැයි ද වාර්තා සඳහන් කරයි.

RECOMMEND POSTS