අවුරුදු 90,000 ක් පැරණි මිනිස් මිශ්‍රණයක්



වසර 90,000 කට පෙර, දකුණු සයිබීරියාවේ ඇල්ටයි කඳුකරයේ ගුහාවක පුංචි කෙල්ලක ජීවත් වූ බව විද්‍යාඥයෝ පවසති. මේ කල්ලගේ ජීවිතය හරිම කෙටි වුවත්, විද්‍යාඥයන්ට අනුව, ඇය මානව පරිණාමයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් නියෝජනය කරන්නීය.

විද්‍යාඥයන් ඇය සලකන්නේ, එකිනෙකට වෙනස් මානව විශේෂ දෙකක මිශ්‍රණයක් විදිහටය. මේ මානව විශේෂ දෙක නියැන්ඩර්තාල් සහ ඩෙනිසෝවන් ය. නියැන්ඩර්තාල් සහ ඩෙනිසෝවන් මිශ්‍රණයක් විද්‍යාඥයන්ට හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. විද්‍යාඥයන් මේ කෙල්ල ගැන අපට කියන්නේ, ඔවුන්ට හමුවුණු ඇගේ අස්ථි කැබැල්ලක ආධාරයෙනි. විද්‍යාඥයන් මේ කෙල්ල නම් කර තියෙන්නේ, ඩෙනිසෝවා යන නමිනි.

අස්ථි කැබැල්ලෙක් ලබා ගත් DNA විශ්ලේෂණය කිරීමේ දී ඩෙනිසෝවාගේ වර්ණදේහවලින් (chromosomes) අඩක් ඩෙනිසෝවන් මානවයන්ට ගැලපෙනවා බවත්, ඉතිරිය නියැන්ඩර්තාල්  මානවයන්ට ගැලපෙනවා බවත් පෙනී ගියේය. ඩෙනිසෝවන්ගේ මව, නියැන්ඩතාල් මානවයකු වන්න ඇතැයි විද්‍යාඥයෝ පවසති. ඇගේ මව නියැන්ඩර්තාල් මානවයකු වන්නට ඇති බවත්, පියා ඩෙනිසෝවන් මානවයකු වන්න ඇතැයි විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.

මෙම අපූරු සොයා ගැනීමෙන් අපට පැහැදිලි වන්නේ, එකිනෙකට වෙනස් මිනිස් විශේෂ අතරේ විවාහ වීම පෙර හිතුවට වඩා ගොඩක් සාමාන්‍ය දෙයක් වෙන්න යන්නය. 


RECOMMEND POSTS