අමුතු හැඩයේ ගුවන් යානය

ඇමෙරිකාවේ බෝයිං සමාගම සමග තරග කිරීමේ අරමුණින් මගීන් 800 දෙනකුට ගමන් කළ හැකි, අමුතු හැඩයක් ගත් ගුවන් යානයක් නිර්මාණය කිරීමට චීනය සැලසුම් කර ඇත.
මෙම ගුවන් යානය, පෙනුමින් ඇමෙරිකා ගුවන් හමුදාවේ, B-2 ස්පිරිට් (B-2 Spirit) බෝම්බ හෙළන යානයකට සමානය. දැනට ලොව විශාලතම මගී ගුවන් යානය ලෙස සැලකෙන්නේ එයාර්බස් A380 (Airbus A380) ය. එහි ඉඩ ඇත්තේ මගීන් 555 දෙනකුට පමණි.

