අප්‍රිකාවේ සුරංගනා ලෝකය
අප්‍රිකාවේ කේප් ටවුන් නුවරට ඉහළින් ඇති බෝ කොප් Bo Koap නමින් හැඳින්වෙන ප්‍රදේශය සංචාරක ආකර්ෂණයකි. බෝ කොප් Bo Koap යන්නෙහි අරුත කේප් නගරයට ඉහළින් යන්නය. මෙය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් වී ඇත්තේ අපූරු හේතුවක් නිසාය.
අප්‍රිකාවේ දියුණු ප්‍රදේශයක් වන කේප්හි පිහිටි මෙම ප්‍රදේශය ලෝක සංචාරකයන් අතරේ වඩාත් ප්‍රසිද්ධියට පත්වී ඇත්තේ එහි පිහිටි වර්ණවත් ගොඩනැඟිලි හා ගල්කැට අතුරා සකස් කරල ලද මාවත් හේතුවෙනි.
වර්ෂ 1760දී ඩී. වෝල් නමැති පුද්ගලයෙකු විසින් මිලදී ගත් ඉඩමක කුලී නිවාස කිහිපයක් ඉදිකොට තම වහලුන්ට බදු දී ඇති අතර, පසුව එම වහල් නිවාස සහිත ප්‍රදේශය ක්‍රමයෙන් ව්‍යාප්ත වීමත් සමඟ මෙම Bo koap නම් ප්‍රදේශයේ ආරම්භය සිදුව තිබේ.
සංචාරකයින් වැඩි වශයෙන් මෙහි පැමිණෙන්නේ මෙම ප්‍රදේශයේ පිහිටි දම්, තැඹිලි, කොළ, නිල්, රෝස වැනි වර්ණයන්ගෙන් පින්තාරු වූ ගොඩනැඟිලි සුරංගනා ලෝකයක අසිරිය මවනා නිසාවෙනි. මෙම ප්‍රදේශයේ දකින්නට ලැබෙන ගොඩනැඟිලි නිර්මාණ බොහෝමයක් වර්ෂ 1850 පමණ පෙර නිර්මාණවූ එම යුගයේ ගොඩනැඟිලිවල ආභාසය සහිතව නිර්මාණය වූ ඒවා වෙයි.
අප්‍රිකානු සංචාරකයන්ගේ අනිවාර්ය ගමනාන්තයක් බවට පත්ව ඇති එම ප්‍රදේශය බහු සංස්කෘතික නගරයක් වශයෙන් හැඳින්වෙයි. එමෙන්ම එම ප්‍රදේශයේ ජනගහනයෙන් සියයට 56.9 මුස්ලිම්ය.
පවිත්‍රා දේශානි
BBC ඇසුරිනි