DODO ආපහු එනවා



ඇමෙරිකාවේ කොලෝසල් බයෝසයන්ස් ජෛව තාක්ෂණ වඳ වී ගිය සතුන්ට පණ දීමට උත්සාහ ගනිමින් සිටී. අයිස් යුගයේ මැමතකුට යළි පණ දීමට ද කොලෝසල් බයෝසයන්ස් විද්‍යාඥයෝ මේ වන විට සැලැසුම් සකස් කරමින් සිටිති. ඒත් ඊට පෙර, එනම්, වසර 300කට පෙර වඳ වී ගිය, ඩෝඩෝ කුරුල්ලකුට පණ දිය හැකි යැයි කොලෝසල් බයෝසයන්ස් විද්‍යාඥයෝ පසුගිය දා පැවැසූහ. එය සැබැවින්ම අපූරු පුවතක් විය.

ඩෝඩෝ යනු අපගේ ඇස් පණාපිට වඳ වී ගිය, මුරුසි දූපතට පමණක් ආවේණික පියෑඹිය නොහැකි අමුතු විදියේ කුරුල්ලෙකි. ඩෝඩෝ කුරුල්ලාගේ ආසන්නතම ඥාතියා ලෙස විද්‍යාඥයන් විසින් සොයාගනු ලැබ ඇත්තේ නිකොබාර් පරෙවියාය. කෞතුකාගාරවල ඇති ඩෝඩෝ කුරුල්ලන්ගේ අස්ථි සහ වෙනත් අවශේෂවලින් ලබාගත් ඩෝඩෝ ඩී.එන්.ඒ. විද්‍යාඥයන්ට ලැබි ඇත. ඒ අනුව, ඩෝඩෝ කුරුල්ලාගේ සම්පූර්ණ ජාන සැකැස්ම අවබෝධ කර ගැනීමට ද විද්‍යාඥයන්ට හැකි වී ඇත. 

නිකොබාර් පරෙවියාගේ සෛලවලට, ඩෝඩෝගේ ජාන අඩංගු ඩී.එන්.ඒ. ඇතුළත් කර, ජාන සංස්කරණ තාක්ෂණය භාවිතයෙන් පරෙවියාගේ ජාන වෙනස් කිරීමක් සිදුවෙයි. එවිට පරෙවියාගේ ශරීරයේ ඩෝඩෝ කුරුල්ලාට ආවේණික ලක්ෂණ (පියාසර කිරීමට නොහැකි බව, විශාල සිරුර සහ විශාල හොට සහිත හිස) ආදිය නිර්මාණය වනු ඇත. 

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS