AI සුපිරි පරිගණකය



මහා බ්‍රිතාන්‍යයේ බලවත්ම මෙන්ම සුපිරි පරිගණකය, මේ වනවිට වැඩ ආරම්භ කර ඇත. මෙම පරිගණකය, Isambard-AI යනුවෙන් හැදින්වෙයි.

සාමාන්‍ය පරිගණක භාවිතයට ගනිමින් කරගනිමින් වසර 5 ක් හෝ 10 කින් කර ගන්නා කාර්යයක් කෘත්‍රිම බුද්ධියෙන් පණ ගැන්වෙන Isambard-AI පරිගණකය දින දෙක තුනකින් කර දීම සුවිශේෂත්වයකි. බ්‍රිතාන්‍ය රජයේ අනුග්‍රහය යටතේ නිර්මාණය වූ  Isambard-AI බ්‍රිතාන්‍ය තාක්ෂණ කටයුතු පිළිබඳ ලේකම් (අමාත්‍යවරයා) පීටර් කයිල් අතින් විවෘත කෙරුණි.

මෙම නව පරිගණකය මේ වනවිට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමඟ එක්ව ඇල්සීමර් සහ ඩිමේන්ෂියා වැනි රෝග සඳහා ප්‍රතිකාර සෙවීම ද ආරම්භ කර ඇතැයි පැවැසෙයි.

මනීෂී මංජරී


RECOMMEND POSTS