වට් නොන්සන්ස් - අවංක හස්බන්ඩ්



ඔන්න එකමත් එක රටක හිටියලු හරි අවංක හස්බන්ඩ් කෙනෙක්. මේ හස්බන්ඩ් කොච්චර අවංක වුනත් වැඩක් නෑ. මෙයාගේ හස්බන්ඩ් මෙයාව මාර විදිහට සැක කරනවලු. ඔෆිස් එකේ ඉදන් වේලාස්සන ගෙදර ආවත් සැකයි ලු. පරක්කු වෙලා ආවත් සැකයිලු. මේ හස්බන්ඩ් ඉතින් ගිරයට අහු වුන පුවක් ගෙඩිය වගේ තාඩන පීඩන හමුවේ එකම මිශන් එක වුනේ වයිෆ්ව ශේප් කරන එක.

ඔන්න ඉතින් එක දවසක් ඔෆිස් එකේ ඉදන් ගෙදර එන්න හදද්දි එහා ගෙදර කමල්ව හම්බුනාලු. කමල් එක්ක කතා කර කර ඉද්දි කමල් කිව්වලු " යන් මගේ කාර් එකේ මං ඇරලවන්නම් කියලා " මෙයාටත් හරි සතුටුයිලු ඉතින්. වේලස්සන ගෙදර ආවම වයිෆ්ටත් සතුටුයිනේ. ඔන්න ඉතින් කතාවකුත් දාන් ගේ ලඟටම ආවට පස්සේලු මතක් වුනේ මේ සුහච කීකරු හස්බන්ඩට අද ඔෆිස් ගියේ කාර් එකේ කියලා.

මේක වයිෆ් දැනගත්තොත් මහ විනාසයක් වෙන නිසා. මේ හස්බන්ඩ් ආපහු බස් එකේ නැගලා ඔෆිස් එකට ආවලු. ඇවිල්ලා කාර් එක ළඟට ආවම මතක් වුනාලු. කාර් එකේ යතුර බෑග් එකේ , බෑග් එක කමල්ගේ කාර් එකේ කියලා. මොනා කරන්නද ඉතින් කරබාගෙන ගෙදර එද්දි වයිෆ් ඉන්නවලු දුම්මල වරම අතට අරන්, කමල් ගෙදරටම බෑග් එක දීලා ගිහින්, ඒක ඇතුලේ කාගෙද ලිප්ස්ටික් එකක් තිබිලා.

මේක පෙන්නලා වයිෆ් ඇහුවලු "කාගෙද මිනිහෝ මේ ලිප්ස්ටික් එක කියලා " මේ හස්බන්ඩ්ට හිතා ගන්නත් බෑලු. හස්බන්ඩ් හිතින් හිතුවලු ඔෆිස් එකේ කෙල්ලෙක්ගෙන් වැටුන එකක් වෙන්නැති කියලා. ඉතින් ඔන්න ගෙතුවලු හොඳ බොරුවක්. යස්සාවෙච්ච වයිෆ්ට කිව්වලු "අනේ බබා මං ඕක ඔයාට ගෙනාවේ. ඔය පාට ඔයාට ගොඩක් ලස්සන වෙයි කියලා " වයිෆ්ටත් හරී සතුටුයිලු. හරී ආදරයක් දැනුනලු හස්බන්ඩ් ගැන. 

ඔන්න එතකොටම කමල් දුවගෙන ආවලු. ඇවිල්ලා ඇහුවලු හස්බන්ඩ් ගෙන් " මචං අපේ වයිෆ්ගේ ලිප්ස්ටික් එකක් ඔයාගේ බෑග් එකට වැටිලා තිබුනද කියලා " ඊට පස්සේ වෙච්ච දේවල් කියන්නත් දුකයි. සුහච කීකරු හස්බන්ඩ් තාම ඉස්පිරිතාලෙලු .

ජයනි සිතාරි අල්විස්


RECOMMEND POSTS