යැංසි ෆින්ලස් පෝපොයිස්



චීනයේ යැංසි ගඟේ බයිජි ඩොල්ෆින් නමැති ජලජ ක්ෂීරපායි විශේෂය වඳ වී යාමෙන් පසු එම ගඟේම ජීවත් වන ෆින්ලස් පෝපොයිස් (Finless porpoise) විශේෂයද මේ වන විට දැඩි අවදානමකට මුහුණ පා සිටී.

මෙම විශේෂය "අතිශය අවදානම්" (Critically Endangered) ගණයට IUCN විසින් වර්ගීකරණය කර ඇත. මෙම සතුන්ට ප්‍රධාන තර්ජන එල්ල වී ඇත්තේ අධික ධීවර කර්මාන්තය, ජල දූෂණය, අධික නැව් ගමනාගමනය සහ ජල කළමනාකරණ ව්‍යාපෘති වැනි මානව ක්‍රියාකාරකම් හේතුවෙනි. විශේෂයෙන්ම මාළු දැල් වලට හසුවී මිය යාම ඔවුන්ගේ මරණ සඳහා ප්‍රධාන හේතුව වී තිබේ.

චීන රජය සහ ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් එක්ව මෙම සතුන් බේරාගැනීම සඳහා දැඩි පියවර ගෙන ඇත. මෙම ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස 2022 වසරේදී මෙම සතුන්ගේ ගහනය සුළු වශයෙන් වර්ධනය වූ බව වාර්තා විය.   නමුත් සත්වයාගේ පැවැත්ම තවමත් අවදානම් සහිතය. යැංසි ගඟේ පරිසර සමතුලිතතාව ආරක්ෂා කිරීම සඳහා මෙම සතා බේරා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට විද්‍යාඥයෝ අවධාරණය කරති.

සටහන - සශිනි අප්සරා


RECOMMEND POSTS