බලු සුරතලාගේ නහයට එබිකම් කරමු



බලු සුරතලාගේ සෞඛ්‍ය හරිම වැදගත්. බලු සුරතලාගේ සෞඛ්‍ය ගැන ඔබ විමසිලිමත් වෙනවා නම්, ඔබ විමසිලිමත් විය යුත්තේ උගේ හොම්බ එසේත් නැතිනම් නාසය කෙරෙහිය. නාසය තෙතද? වියළිද? නාසයෙන් දියර ගලනවාද? දියරවල ස්වභාවය කුමක්ද? පශු වෛද්‍යවරයකු ළඟට යා යුත්තේ කුමන වේලාවටද? ආදිය නාසය නිරීක්ෂණය කිරීමෙන් වටහා ගත හැක.

සාමාන්‍යයෙන් හොඳින් තෙතමනය තියෙන, පොඩ්ඩක් සීතල නාසයක් ඇති නම්, ඔබේ බලු සුරතලා නිරෝගීය. රස්නය වැඩි දිනවල, පරිසරය වියලි බව වැඩි නම්, නාසය වියලීමට ලක් වෙයි. නාසය පැලීමට ලක් වෙයි. එවිට ඔබ වටහා ගත යුතු වන්නේ ඔබේ බලු සුරතලා විජලනයට ලක්ව ඇති බවය. වතුර වැඩියෙන් ලබා දීම කළ යුතුය. එසේ නැතිනම් බලු සුරතලා සමේ රෝගී තත්ත්වයකින් පෙළෙනවා විය හැක.

නාසයෙන් වතුර වගේ සෙම ගැලීමක් සිදු වන්නේ නම් ඒක සාමාන්‍යයෙන් දූවිලි අසාත්මිකතාවයක් නිසාවෙිය හැකිය. කෙසේ නමුත්, තද කහ පැහැයට හෝ කොළ පැහැයට උකු සෙම වෑස්සීමක් සිදුවන්නේ නම්, විෂබීජ ආසාදනයකට ලක් වී සිටිනවා විය හැක. මෙවැනි අවස්ථාවක පමා නොවී පශු වෛද්‍යවරයකුට බලු සුරතලා යොමු කළ යුතුය.

Brain Maze ඇසුරිනි


RECOMMEND POSTS