පාට පාට දේදුණු පළිඟු

බිස්මත් ක්‍රිස්ටල් හෙවත් දේදුණු පළිඟු Bismuth Cristol ඕස්ට්‍රේලියාව, බොලිවියාව සහ චීනය යන රටවල දක්නට ලැබෙන සුවිශේෂි පළිඟු විශේෂයකි. එමෙන්ම මේවා දුර්ලභය.
බිස්මත් පළිඟු විශේෂය ඊයම් හා සැසඳිමේදී සියයට 86 ක ඝනකමකින් යුක්තය. මෙහි ඇති තවත් සුවිශේෂත්වයක් වන්නේ මේවා දේදුන්නක මෙන් වර්ණාවලියකින් යුක්ත වීමය.
බිස්මත් පළිඟු විශේෂය විවිධ වෛද්‍ය කටයුතු සඳහා අතීතයේදී යොදාගෙන තිබෙන බවට කරුණු අතීත වාර්තාවලින් හෙළි වෙයි. ලෝකයේ විවිධ නිර්මාණකරුවන් මෙම බිස්මත් පළිඟු ආකාරයේ පළිඟු කෘත්‍රිමව නිර්මාණය කිරීමටත් යොමු වී ඇති බව පැවැසෙයි.
මන්දයත් එවැනි බිස්මත් පළිඟු නිර්මාණ ඉතාම ලස්සන මෙන් ම ඝනකමින් ද යුක්ත නිසා ඉතාම වටිනාකමින්ද යුතු වීමය.
පවිත්‍රා දේශානි
BBC ඇසුරිනි

