දේදුනු කඳු වැටිය



දේදුනු කඳු වැටිය ලෙසින් හැඳින්වෙන ෂැංග්යි ජාතික භූ උද්‍යානය චීනයේ සූනන් සහ ලින්ස් ප්‍රාන්තවල පිහිටි ස්වභාවික පුදුමයකි. මෙම කඳු වැටිය ලෝකයේ සුවිශේෂී භූ පිහිටීමක් වන්නේ දේදුන්නක මෙන් විවිධ වර්ණ සංකලනයක් දක්නට ලැබීමය.

රතු, කොළ, කහ සහ නිල් යන වර්ණ වලින් මෙම කඳු වැටිය වර්ණවත් වන අතර වරෙක ඉතා දීප්තිමත්වද තවත් වරෙක මඳ වශයෙන්ද එහි පැහැයන් දැකගත හැකි වෙයි. යකඩ සහ ඛණිජ ලවණ සමග මුසු වූ වැලි සහ රොන්මඩ මෙම වර්ණ සංකලනය සකස් වීමට හේතූ වී ඇත.

මෙම අපූරු දේදුනු පැහැයන්ගෙන් යුතු මේ ස්වභාවික පිහිටීම දකින ඕනෑම කෙනකුගේ ඇස පිනවන සුන්දර දසුනකි. මෙම අපූරු දර්ශනය වර්ග කිලෝමීටර 322ක් පුරා පැතිර තිබෙන අතර 2009 වසරේ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසත් 2016 වසරේ ජාතික භූ උද්‍යානයක් ලෙසත් චිනයේ ඉඩම් හා සම්පත් අමාත්‍යාංශය විසින් නම් කර ඇත.

පවිත්‍රා දේශානි


RECOMMEND POSTS