ඩෙංගු පරදන වොල්බැකියා

ඩෙංගු ව්‍යාප්ත කරන ඒඩිස් ඊජිප්ටායි (Aedes aegypti) මදුරුවන් මර්දනයට යොදා ගන්නා ජෛව විද්‍යාත්මක ක්‍රමය වොල්බැකියා ය. පර්යේෂණාගාරවලදී වොල්බැකියා බැක්ටීරියාව, මදුරුවන් තුළට ඇතුළු කිරීම මගින් මදුරු මර්දනය සිදුවෙයි.
බැක්ටීරියාව ශරීරගත කළ මදුරුවන් පරිසරයට මුදා හැරීමෙන් පසු, උන්ගේ සිරුරු තුළ ඩෙංගු වයිරසය වර්ධනය වීමේ හැකියාව සම්පූර්ණයෙන්ම අඩපණ වෙයි. මදුරුවන් මඟින් මිනිසුන්ට රෝගය බෝ වීමක් සිදු නොවෙයි. වොල්බැකියා ආසාදිත ගැහැනු මදුරුවන්ගෙන් බිහිවන ඊළඟ මදුරු පරම්පරාවලට ද වොල්බැකියා බැක්ටීරියාව ස්වාභාවිකවම උරුම වෙයි.
WHO ඇසුරිනි

