ජපානයේ AI පොලිස් නෝනා: Aiko



ජපානයේ ඔසාකා ප්‍රාන්ත පොලිසිය, මාර්ගගත මූල්‍ය වංචා මර්දනය කිරීම සඳහා අයිකෝ (Aiko) නමැති කෘතිම බුද්ධි (AI) පොලිස් නිලධාරිනිය ජනතාවට හඳුන්වා දී ඇත.

අයිකෝ සැබෑ පුද්ගලයකු නොවෙයි. ඇය යූටියුබ් ඔස්සේ පමණක් මහජනතාව අමතමින් අන්තර්ජාල වංචා පිළිබඳ දැනුවත් කිරීම් සිදු කරන ඩිජිටල් චරිතයකි.

කෘතිම බුද්ධි (AI) පොලිස් ප්‍රධානිනියකු මේ අයුරින් ජනතාවට හදුන්වා දීමට හේතුව, මෑත කාලයේදී ජපානය තුළ අන්තර්ජාලය ඔස්සේ සිදු වුණු මූල්‍ය වංචා යැයි පැවැසෙයි. ඇමෙරිකානු ඩොලර් බිලියන 2 කට මුදලක් එම මූළ්‍ය වංචා හේතුවෙන් සොරා ගැනීම සිදුවිය.


RECOMMEND POSTS