ගල් ගිලින කුරුල්ලෝ

කුරුල්ලන්ට අප මෙන් ආහාර සැපීමට දත් පිහිටා නැතත්, ඒ වෙනුවට ඔවුන් භාවිත කරන අපූරු උපක්‍රමයක් වන්නේ කුඩා ගල්කැට (Grit stones) ගිල දැමීමය.
ගිල දමන ගල්කැට කුරුල්ලාගේ ආමාශයේ ගිසර්ඩ් (Gizzard) හෙවත් ඇඹරුම් යන්ත්‍රයක් බඳු කොටසක තැන්පත් වන අතර, ධාන්‍ය වැනි තද ආහාර වර්ග කුඩු කර දමන ස්වාභාවික ඇඹරුම් ගල් ලෙස ඒවා ක්‍රියා කරයි.
කාලයත් සමඟ මෙම ගල්කැට සෙමෙන් ගෙවී යන බැවින්, පක්ෂීන් නිරන්තරයෙන් අලුත් ගල්කැට සොයා ගිල දමමින් සිය ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය පවත්වා ගනී.
සොබාදහමේ මෙම අපූරු නිර්මාණය නිසා දත් නොමැතිව වුවද ඉතා තද ආහාර වර්ග පවා පහසුවෙන් ජීර්ණය කර ගැනීමට කුරුල්ලන්ට හැකියාව ලැබී ඇත.
The Brain Maze ඇසුරිනි

