කාන්තාරය හරිත වනයක් කළ සූර්ය බලය

චීනයේ අභ්‍යන්තර මොංගෝලියාවේ කාන්තාරකරණය පාලනයට නව ප්‍රවේශයක් ගනිමින් සූර්ය බලශක්තිය උත්පාදනය හා තණ වගාව ඒකාබද්ධ කර තිබේ.
චයිනා ජෙනරල් න්‍යෂ්ටික බල සමූහය මෙහෙයවන මෙම ව්‍යාපෘතිය මගින් සූර්ය පැනල යොදා ගනිමින් විදුලිය නිපදවන අතර පැනල යටතේ නියඟයට ඔරොත්තු දෙන තණකොළ වගා කිරීමෙන් කාන්තාර ව්‍යාප්තිය අඩු කරයි. මීට අමතරව ප්‍රදේශවාසීන්ට නොමිලේ තණකොළ ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයකි.
එහි ප්‍රතිඵලයක් ලෙස වසරකට කාබන් ඩයොක්සයිඩ් ටොන් 350,000ක් පරිසරයට මුදා හැරීම වැළකෙන අතර කාන්තාරයේ වෘක්ෂලතා ආවරණය 50% සිට 70% දක්වා වැඩි වී තිබේ.
එපමණක් නොව ප්‍රදේශයේ ඇලුමිනියම් නිෂ්පාදනය සඳහා හරිත බලශක්තිය යොදා ගැනීමෙන් කාබන් විමෝචනය අඩු කිරීමටත් පියවර ගෙන තිබේ.මෙම නව ප්‍රවේශය කාන්තාරය සශ්‍රීක ප්‍රදේශයක් බවට පත් කරමින්, ආර්ථික සංවර්ධනයට නව මගක් විවර කරයි.
ජනේෂා රත්නමලල
BBC ඇසුරෙනි.

