ආටිමිස් 2 කට්ටිය



මේ වනවිට ක්‍රියාත්මක වන ආටිමිස් 2 යනු සඳට ගොඩබාන මෙහෙයුමක් නොවන අතර, ගගනගාමීන් රැගත් යානය සඳ වටා ගොස් සඳුගේ අදුරු පැත්ත නිරීක්ෂණය කර ආපසු පෘථිවියට පැමිණෙනු ඇත. 2035 වසරෙන් පසු සඳට මිනිසුන් යැවීමට නාසා ආයතනය යළි අපේක්ෂා කරන අතර, ඊට පෙර පුහුණු මෙහෙයුමක් ලෙස මෙම ආටිමිස් 2 ක්‍රියාත්මක වෙයි‍. චන්ද්‍ර යානයේ ගගනගාමීන් සිවු දෙනෙක් සිටිති. 
 
රීඩ් වයිස්මන් - අවුරුදු 50 යි
658225281_1832465088106063_4155649941392380094_n
Artimis-002
රීඩ් වයිස්මන් දියණියන් දෙදෙනා ද සමග
ආටිමින් 2 මෙහෙයුමට නායකත්වය දෙන අණදෙන නිලධාරියාය. පරිගණක සහ පද්ධති ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකි. ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි. නාසා සමඟ එක් වීමට පෙර, අවුරුදු 27 ක් පුරා ඇමෙරිකා නාවික හමුදාවේ කපිතාන්වරයකු ලෙස සේවය කර ඇත. දක්ෂ ගුවන් නියමුවකු මෙන්ම පරීක්ෂණ නියමුවකු (Test Pilot) ද වෙයි. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුමේපොළේ (ISS) දින 165 ක් ගත කර ඇති අතර, ගගන සක්මන් 2 ක් සම්පූර්ණ කළ අයෙකි. වයිස්මන් ට අභ්‍යවකාශය යනු ආගන්තුක තැනක් නොවෙයි. 2020 සිට 2022 දක්වා NASA ගගනගාමී කාර්යාලයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇත. යොවුන් දියණියන් දෙදෙනකුගේ පියෙකි. 2020 දී බිරිඳ පිළිකාවකින් මියගියාය. පියා ආටිමිස් 2 මෙහෙයුමට යද්දී ඔහුට සමුදීමට දියණියන් දෙදෙනා පැමිණ සිටි අතර, අවසන් මොහොත තෙක් එනම් රොකට්ටුට ගොඩවනතුරු දියණියන් ට වයිස්මන් සමඟ සිටීමට විහේෂ අවසරයක් හිමිවිය. 
 
වික්ටර් ග්ලෝවර් ජූනියර් - අවුරුදු 49 යි
660280011_1832483331437572_6581154716823189199_n
ආටිමිස් 2 මෙහෙයුමට සම්බන්ධ ඔරායන් යානයේ නියමුවාය. ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ද, පියසැරි පර්යේෂණ ඉංජිනේරු විද්‍යාව, පද්ධති ඉංජිනේරු විද්‍යාව සහ හමුදා මෙහෙයුම් යන අංශයන්ගෙන් ශාස්ත්‍රපති උපාධි 3 ක් ද හිමිකරගෙන ඇත. ඇමෙරිකා නාවික හමුදාවේ කපිතාන්වරයෙකි. ප්‍රහාරක ගුවන් නියමුවකු සහ පරීක්ෂණ නියමුවකු ලෙස ලැබූ අත්දැකීම් බහුල ය. 2020 වසරේ, පළමු ස්පේස් එක්ස් SpaceX Crew-1 මෙහෙයුමේ නියමුවා ලෙස ද කටයුතු කළේය. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ දින 168ක් ගත කර ඇති අතර ගගන සක්මන් 4ක් සිදු කර ඇත. කලින් සඳහන් කළ පරිදි, ආටිමිස් 2 මෙහෙයුමට යටතේ, පෘථිවි කක්ෂයෙන් ඔබ්බට සහ සඳ දක්වා යන පළමු කළු ජාතිකයා වන්නේ වික්ටර් ග්ලෝවර් වීම විශේෂත්වයකි. 
 
ක්‍රිස්ටීනා කොක් - අවුරුදු 47 යි 
660291201_1832537838098788_6410062082284218081_n
ආටිමිස් 2 මෙහෙයුමේ, මෙහෙයුම් විශේෂවරිය (Mission Specialist 1) ලෙස කටයුතු කරයි. විදුලි ඉංජිනේරු විද්‍යාව සහ භෞතික විද්‍යාව පිළිබඳ උපාධි දෙකක් සහ විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවරියකි. කාන්තාවක් විසින් සිදු කරන ලද දීර්ඝතම තනි අභ්‍යවකාශ චාරිකාවට (දින 328) හිමිකම් කියන්නේ ද ඇයයි. ඒ, ඇය අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී හිදිමිණි. ඉතිහාසයේ පළමු වරට කාන්තා සහභාගිත්වයෙන් පමණක් සිදු වූ ගගන සක්මනට සහභාගී වූ ගගනගාමීනියන් දෙදෙනාගෙන් කෙනෙකි. ඒ, 2019 වසරේදීය. ආටිමිස් 2 මෙහෙයුමට සම්බන්ධ වී මෙහෙයුම මඟින් පෘථිවි කක්ෂයෙන් ඔබ්බට යන පළමු කාන්තාව ලෙස වාර්තා අතරට ක්‍රිස්ටීනා කොක් ඇතුළත් වී අවසන්ය. 
 
ජෙරමි හැන්සන් - අවුරුදු 50 යි 
660520212_1832621261423779_6911869183386360365_n
ආටිමිස් 2 මෙහෙයුමට සම්බන්ධ දෙවැනි මෙහෙයුමේ විශේෂඥයා (Mission Specialist 2) ය. කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය (CSA) නියෝජනය කරයි. අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් සහ භෞතික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. කැනේඩියානු රාජකීය ගුවන් හමුදාවේ කර්නල්වරයෙකි. CF-18 ප්‍රහාරක ගුවන් නියමුවෙකු ලෙස ලබා ඇති අද්දැකීම් බහුලය. මෙය ඔහුගේ පළමු අභ්‍යවකාශ චාරිකාව වුව ද, NASA හි අභ්‍යවකාශ පුහුණු වැඩසටහන්වලට පුළුල් දායකත්වයක් ලබා දී ඇත. චන්ද්‍ර මෙහෙයුමකට සහභාගී වන පළමු ඇමරිකානු ජාතිකයකු නොවන පුද්ගලයා (First Non-American) ද මොහු වීම ඓතිහාසිකය.
 
NASA ඇසුරිනි

RECOMMEND POSTS