අපේ ග්‍රහයෝ කැරකෙන හැටි



සෞරග්‍රහ මණ්ඩලයේ සෑම ග්‍රහලෝකයක්ම සූර්යයා වටා තමන්ටම ආවේණික වූ කක්ෂයක ගමන් කිරීමට ගතවන කාලය හෙවත් පරිභ්‍රමණ කාලය, ඒවා සූර්යයාගේ සිට පිහිටා ඇති දුර ප්‍රමාණය මත සෘජුවම තීරණය වෙන බව ඔබ දන්නවාද?

සූර්යයාට ආසන්නයෙන්ම පිහිටි බුධ ග්‍රහයාට සූර්යයා වටා එක් වටයක් යාමට පෘථිවි දින 87.97ක් වැනි කෙටි කාලයක් ගතවන අතර, සිකුරු ග්‍රහයාට දින 224.70ක් සහ අප ජීවත්වන පෘථිවියට දින 365.26ක් (වසර 1ක්) ගත වෙයි.

පෘථිවියෙන් එපිටින් පිහිටි අඟහරුට පෘථිවි දින 686.98ක් (වසර 1.88ක්) ගතවන අතර, අප සෞරග්‍රහ මණ්ඩලයේ යෝධයන් වන බෘහස්පති සඳහා පෘථිවි දින 4,332.82ක් (වසර 11.86ක්) ද, වළලු සහිත සෙනසුරු සඳහා දින 10,755.70ක් (වසර 29.46ක්) ද, යුරේනස් සඳහා දින 30,687.15ක් (වසර 84.02ක්) ද වශයෙන් සූර්යයාගෙන් ඈතට යන්නට යන්නට මෙම කාලය වැඩිවෙයි.

අප සෞරග්‍රහ මණ්ඩලයේ අවසන් නිල ග්‍රහලෝකය වන නෙප්චූන් සූර්යයා වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට පෘථිවි දින 60,190.03ක්, එනම් පෘථිවි වසර 164.79ක් වැනි ඉතා දිගු කාලයයකි.
 
Live Science ඇසුරිනි


RECOMMEND POSTS