’ස්පුට්නික්’ එන්නතට අනුමැතිය නෑ

රුසියාවේ නිෂ්පාදනය කෙරෙන, 'ස්පුට්නික්' එන්නත සඳහා තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නොමැති බව රුසියන් මාධ්‍ය වාර්තා කරයි.
මේ හේතුව නිසා 'ස්පුට්නික්' එන්නත ලබා ගත් බොහෝ දෙනකු විදේශගතවීමේදී අර්බුද රැසකට මුහුණ දෙන බව ද වාර්තා වේ. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද ලබා ගෙන ඇත්තේ 'ස්පුට්නික්' එන්නතය.
ලොව පළමුවෙන් නිපදවූ මෙන්ම පළමුවෙන් ලියාපදිංචි කළ 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ ද 'ස්පුට්නික්' ය. කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම පවසා ඇත්තේ ප්‍රමාණවත් සායනික වාර්තා සහ දත්ත නොමැති බැවින් එන්නතට අනුමැතිය දීම දිනෙන් දින ප්‍රමාද වන බවය.
රුසියානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඉදිරි මාස කිහිපය ඇතුළත ලෝක සෞඛ්‍ය සංවිධානය 'ස්පුට්න්ක්' සඳහා අනුමැතිය ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවය. අවශ්‍ය සියලු සායනික වාර්තා සහ දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දිමට එන්නත නිපදවන 'ගැමලේයා' ඖෂධ සමාගම පියවර ගෙන ඇතැයි ද පැවැසෙයි.
'ස්පුට්නික්' එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි නොවුණත්, වර්ග කීපයක 'කොවිඩ් 19' එන්නත් රැසකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී ඇත. ඒ, හදිසි භාවිතයට ඒවා සුදුසු යැයි පෙන්වා දෙමිනි.
අවසන් වරට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවූයේ ඉන්දියාවේ සේරම් ඖෂධ නිෂ්පාදන සමාගම නිෂ්පාදනය කරන 'නොවවැක්ස්' එන්නතය. සේරම් සමාගම මෙම එන්නත නිපදවන්නේ ඇමෙරිකාවේ 'නොවවැක්ස්' සමාගම සමඟ හවුලේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි එම්.ආර්.එන්.ඒ. වර්ගයේ එන්නත් දෙකක් ඇති අතර 'ෆයිසර්' සහ 'මොඩර්නා' එම එන්නත්ය.
අද ලොව රටවල් බොහොමයක් බූස්ටර් එන්නත් මාත්‍රාව ලෙස මේ අතරින් ලබා දෙන්නේ 'ෆයිසර්' එන්නතය. එම්.ආර්.එන්.ඒ. එන්නත් යනු 'කොවිඩ් 19' වයිරස විෂබීජ ජානවලින් සැකසූ කේතයක් සිරුරට ඇතුළු කරන එන්නත් වර්ගයකි. වයිරසයට එරෙහි ප්‍රතිශක්තියක් සිරුරේ නිර්මාණය වන්නේ ඒ අනුවය.
ඊට අමතරව, මහා බ්‍රිතාන්‍යයේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා', ඇමෙරිකාවේ 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්', චිනයේ 'සයිනෝෆාම්' සහ 'සිනොවැක්' එන්නත් සඳහා ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වී ඇත.
(රොයිටර්)

