’ජී20’ සමුළුවට ජනපති පුටින් එනවා



මෙම වසර අවසානයේ, ඉන්දුනීසියාවේ බාලි දූපතේ පැවැත්වීමට නියමිත ‘ජී20’ සමුළුවට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී වීමට නියමිත අතර, එය බටහිර රටවල දැඩි විරෝධයට හේතුවක් වී තිබේ.

බාලි ‘ජී20’ සමුළුව පැවැත්වෙන්නේ නොවැම්බර් 15 සහ 16 දෙදිනය. සමුළුවට ඇරැයුම් ලැබ සිටින රුසියන් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විරෝධය පළ කරන මහා බ්‍රිතාන්‍යය පවසා ඇත්තේ, යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය හේතුවෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ‘ජී20’ සමුළුවට සහභාගී වීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවය.

‘ජී20’ සමුළුවේ සත්කාරක රට ලෙස ඉන්දුනීසියාව, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට පමණක් නොව, චීන ජනාධිපති ෂී ජින්පින්ට ද ඇරැයුම් කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS