’ඔමික්‍රෝන්’ අඩපණ කරන්න ’ෆයිසර්’ එන්නත් හදනවා



ලොව භීතියට පත් කළ 'ඔමික්‍රොන්' කොරෝනා විකෘතිය ඉලක්ක කර ගනිමින්, එය අඩපණ කළ හැකි ලෙස 'ෆයිසර්' එන්නත් වැඩි දියුණු කිරීම කඩිනමින් ආරම්භ කළ බව, ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම පවසා ඇත. 'ෆයිසර්' සමාගම 'ෆයිසර්' එන්නත නිපදවන්නේ ජර්මනියේ 'බයෝ ඇන්ටෙක්' සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමිනි.

මේ වනවිට ලොව සාර්ථක එන්නතක් ලෙස 'ෆයිසර්' රටවල් බොහොමයක පිළිගැනීමට ලක්වී අවසන්ය. අවුරුදු 5 සිට ඕනෑම වයස් කාණ්ඩයකට ලබා දෙන්නේ ද 'ෆයිසර්' ය.

'ෆයිසර්' එම්.ආර්.එන්.ඒ. වර්ගයට අයත් වයිරසයකි. 'එම්.ආර්.එන්.ඒ' යනු 'කොවිඩ් 19' වයිරස විෂබීජ ජානවලින් සැකැසූ කේතයක් සිරුරට ඇතුළු කරන එන්නත් වර්ගයකි. වයිරසයට එරෙහි ප්‍රතිශක්තියක් සිරුරේ නිර්මාණය වන්නේ ඒ අනුවය.

මේ වනවිට ලෝ වැසියන්ට ලැබෙන 'ෆයිසර්' එන්නත නිපදවා ඇත්තේ 'කොවිඩ් 19' මාතෘ වයිරසය ඉලක්ක කර ගනිමිනි. අද වනවිට වයිරසයේ දරු පරම්පරාව බිහිසුණු ලෙස වෙනස් වී විකෘතිකරණයට ලක් වී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS