’ඔමික්‍රොන්’ ගැන කලබල වෙන්න එපා

'ඔමික්‍රෝන්' විකෘති ප්‍රභේදය ගැන බියක් ඇති කර ගැනීමට හෝ කලබලයට පත්වීමට හෝ අවශ්‍ය නැතැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකානුවන්ට පවසා තිබේ.
තවමත් 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමට අදිමදි කරන ඇමෙරිකානුවන් බොහෝ දෙනකු සිටින අතර, ජනාධිපති බයිඩන් ඔවුන්ගෙන් ඉල්ලා ඇත්තේ හැකි ඉක්මනින් එන්නත් ලබා ගන්නා ලෙසය.
මේ වනවිට ඇමෙරිකානුවන්ට තෙවැනි මාත්‍රාවක් ලෙස බූස්ටර් එන්නත් ද ලැබෙයි. ඇමෙරිකාවේ එන්නත්කරණය සිදුවන්නේ අවුරුදු 5 සිට ඉහළටය.
ඊයේ (29) වනවිටත් ඇමෙරිකාවෙන් කිසිදු 'ඔමික්‍රෝන්' ආසාදිතයකු හමුවී නොමැති බව එරට සෞඛ්‍ය අංශ පැවැසීය. කෙසේ නමුත් ජනාධිපති බයිඩන්ගේ ප්‍රධාන උපදේශක මෙන්ම ඇමෙරිකාවේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුචි පවසා ඇත්තේ, 'ඔමික්‍රෝන්' වයිරසය තවමත් ඇමෙරිකාවට පැමිණ නැතිනම් එය මවිතයට කරුණක් බවය.
(ඒ.එෆ්.පී.)

