‘හවානා සින්ඩ්‍රෝමය’ පසුපස විදේශ බලවේග නෑ



රටවල් කීපයක තානාපති කාර්යාලවල සේවය කළ තම තාන්ත්‍රිකයන් අබිරහස් ලෙස රෝගීවීමේ ‘හවානා සින්ඩ්‍රෝමය’ පසුපස විදේශීය බලවේග කිසිවක් නැතැයි ඇමෙරිකන් බුද්ධි අංශ තහවුරු කරගෙන තිබේ.

රාජ්‍ය තාන්ත්‍රිකයන් අබිරහස් ලෙස රෝගීවීමේ සිද්ධිය, ‘හවානා සින්ඩ්‍රෝමය’ යනුවෙන් නම් කර ඇත්තේ පළමුවෙන්ම රෝගී වූයේ කියුබාවේ හවානා නුවර ඇමෙරිකන් තානාපති කාර්යාලයේ සේවය කරන ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රිකයන් වූ නිසාය.

කැරකිල්ල, මතකය අහිමි වීම සහ මොළයට සිදුවන බලපෑම මෙම අබිරහස් රෝගයේ රෝග ලක්ෂණ බව පැවැසෙයි. ඕස්ටේ්‍රලියා, කැනඩා, චීන, කොලොම්බියා, ජර්මනිය සහ රුසියාවේ ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු රැසක් ‘හවානා සින්ඩ්‍රෝමය’ හේතුවෙන් රෝගී වී සිටිති.

ඇමෙරිකන් ආරක්ෂක අංශ මුලින් අනුමාන කළේ, ඇමෙරිකාවේ සතුරන්, හඳුනානොගත් කම්පන තරංග අවියක් යොදා ගනිමින් කළ ප්‍රහාරයක් විය හැකි බවය. කෙසේ නමුත් වසර කීපයක් තිස්සේ කළ විමර්ශන අනුව ඇමෙරිකන් බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත්තේ විදේශ බලවේගයක් එම රෝගී තත්ත්වය පසුපස නොමැති බවය.

(රොයිටර්)


RECOMMEND POSTS