‘ස්පුට්නික් 5’ ඔක්ස්ෆර්ඩ් එන්නතට සමානයි

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීමට තමන් නිපදවා ඇති ‘ස්පුට්නික් 5’ එන්නත, බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් නිපදවූ එන්නතට බෙහෙවින් සමාන යැයි රුසියන් විද්‍යාඥයෝ පවසති.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නියෝගයකට අනුව, අද (6) සිට අවුරුදු 18 වැඩි 65 ට අඩු රුසියානුවන් සෑම කෙනකුටම ‘ස්පුට්නික් 5’ එන්නත ලබා දීමේ දීප ව්‍යාප්ත වැඩසටහන ආරම්භ විය. පළමුවෙන්ම එන්නත් ලබා දුන්නේ මොස්කව් අගනුවර වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයන්, සමාජ සේවකයන්ට සහ ගුරුවරුන්ටය. ඒ, ‘කොවිඩ් 19’ වයිරසයෙන් වැඩිම අවදානමක් ඇත්තේ ඔවුන්ට බැවිනි.
එන්නත් නොමිලේ ලබා දීම මොස්කව් නුවර රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන 70 කින් සිදු කෙරුණු බව රුසියන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
ඔක්ස්ෆර්ඩ් විද්‍යාඥයන් ඔවුන්ගේ එන්නත නිපදවා ඇත්තේ ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම සමඟ එක් වෙමිනි. ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගමේ වෛද්‍ය පර්යේෂකයන් පවසා ඇත්තේ ඔක්ස්ෆර්ඩ් එන්නතේ සාර්ථකත්වය සියයට 95 ට වඩා වැඩි බවය. ඔක්ස්ෆර්ඩ් එන්නත මේ වනවිට අවසන් අදියරේ සායනික අත්හදා බැලීම්වලට යොදා ගැනෙමින් පවතින බව ද වාර්තා වේ.
ඔක්ස්ෆර්ඩ් එන්නත සේම තමන්ගේ එන්නත ද මාත්‍රා දෙකකින් සමන්විත වන බවත්, පළමු මාත්‍රාව එන්නත් කිරීමෙන් පසු දෙවැනි මාත්‍රාව එන්නත් කිරීම සිදුවන්නේ දින 21 කට පසුව යැයි රුසියානු විද්‍යාඥයෝ කියති. ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වළක්වමින්, වයිරසයට එරෙහිව ප්‍රතිශක්තියක් සිරුරේ නිර්මාණය වනු ඇත්තේ ඉන්පසුවය.
මේ වනවිට රුසියාවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන ඉහළ ගොස් තිබේ. ඊයේ (5) රුසියාවෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 28,782 ක් වන අතර රුසියාවේ එක් දිනක් තුළ වැඩිම ආසාදිතයන් වාර්තා වූ ප්‍රථම අවස්ථාව වන්නේ මෙයයි. රුසියාවේ සමස්ත ආසාදිතයන් ගණන 2,431,731 දක්වා ඉහළ ගොස් තිබේ. රුසියාවෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 42,684 කි.
මොස්කව් නුවරදීය (ඒ.එෆ්.පී.)

