‘රෝසා’ මෙක්සිකෝවට



තද සුළං සහ මහ වැසි සමඟ ‘රෝසා’ සුළි කුණාටුව මෙක්සිකෝවට කඩා වැදුණි.

මෙය ප්‍රබලත්වයෙන් හතරවැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් බව කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.

සුළි කුණාටුව හේතුවෙන් ලක්ෂ ගණනක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු බව ද පැවැසෙයි.

ඇද හැලෙන මහ වැසි හේතුවෙන් බාහා නගරයේ හදිසි ජල ගැලීම් හටගත් බව ද මෙක්සිකෝ පුවත් සේවා වාර්තා කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS