‘මීටරයේ තොප්පිය’ ජර්මනියට

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වෙමින් සමාජ දුරස්ථභාවය ආරක්ෂා රැක ගැනීමට චීනයේ පාසල් දරුවන් පලඳින ‘මීටරයේ තොප්පි’, ජර්මනියේ අවන්හල් රැසක ජනප්‍රිය වී ඇතැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.
මෙම තොප්පි පළමුවෙන් හඳුන්වා දුන්නේ ජර්මනියේ ස්වෙරින් නුවර පිහිටි අවන්හලකි. ඒ, ලොක්ඩවුන් තහංචි ලිහිල් කිරීමෙන් පසු ජන ජීවිතය කෙමෙන් යථා තත්ත්වයට පත් කළ අවස්ථාවේදීය.
ජර්මන් අවන්මහල එහි ආහාර ගැනීම සඳහා පැමිණෙන අයට ලබා දෙන මෙම මීටරයේ තොප්පි සාදා ඇත්තේ තොප්පියකට ‘ස්විමිං පූල් නූඞ්ල්ස්’ දෙකක් සවි කරමින්ය. ‘ස්විමිං පූල් නූඞ්ල්ස්’ යනු පිහිනුම් තටාකයේ පිහිනන පොඩිත්තන්ට ආධාරක ලෙස අල්ලා ගැනීමට හැකියාව ලැබෙන රබර් දණ්ඩකි.
මෙම ‘මීටරේ තොප්පි’ පළමුවෙන් ලොවට හඳුන්වා දීම සිදුවූයේ චීනයේ ෂේජියැන්ග් පළාතේ යැන්ග්ෂෙන්ග් පාසලෙනි. ඒ, ලොක්ඩවුන් තහංචි ඉවත් කිරීමෙන් පසු චීන දරුවන්ට යළි පාසල් යෑමට අවස්ථාව අවසර හිමිවෙද්දීය. අද පළමු වසරේ සිට 7 වසර දක්වා චීන පාසල් දරුවන් සෑම කෙනකුම පාහේ මෙවැනි අපූරු හිස් වැසුම් පලඳින බව චීන පුවත් සේවා වාර්තා කර ඇත.
පාසල් යළි ආරම්භ කළ අවස්ථාවේදී යැන්ග්ෂෙන්ග් පාසලේ පළමු වසරේ පන්ති සතරක දරුවෝ පාසල් පැමිණියහ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට ගුරුවරු සූදානමින් සිටියේ, සෞඛ්‍ය අංශ උපදෙස් පිළිපඳිමිනි.
දරුවන් වෙනුවෙන් ‘මීටරයේ තොප්පි’ නිර්මාණය කිරීම විදුහල්පතිතුමාගේ අදහසකි. ගුරුවරුන් සහ මාපියන් සාකච්ඡා කරමින් තොප්පි නිර්මාණය සිදුවිය. දරුවන් පාසල් පැමිණියේ නිවසේ දී සාදා ගත් එම තොප්පි පැලඳගෙනය.
දරුවන් එකිනෙකාට ළං වීම වැලැක්වීමේ අරමුණ ඇතිව මීටරයේ දුර පවත්වා ගැනීම සඳහා බැලූන් සහ කාඞ්බෝඞ් යොදා ගනිමින් මෙම මීටරයේ තොප්පි නිර්මාණය විය. දරුවන් පාසලට ඇතුළත් කර ගැනීම සිදුවූයේ උෂ්ණත්ව පරීක්ෂාවකින් පසුවය. පාසල තුළ අත් සේදීම අනිවාර්ය විය.
‘මීටරයේ තොප්පිය’ නිසා එක් දරුවකුට තවත් දරුවකුට ළං වෙන්න බැහැ. හේතුව හිස් වැසුමේ ඇති බැලූන හෝ කාඞ්බෝඞ් කූරු එකිනෙක ගැටෙනවා. දරුවන් දැන ගන්නවා ඔවුන් මීටරයේ දුර ආරක්ෂා කළ යුතු බවය. ඒ අනුව මීටරයේ දුර රැකෙන අතර එමගින් සමාජ දුරස්ථභාවය ආරක්ෂා වෙනවා සෑම දරුවකුම පාසලට පැමිණෙන්නේ මුඛ ආවරණ පැලඳ ගනිමිනි.’ යැයි චීන පුවත් සේවා වාර්තා කර තිබේ.
ස්වෙරින්හිදීය (රොයිටර්/ඬේලිමේල්)

