‘පද්මාවත්’ පාකිස්තානයේ ජනප්‍රිය වෙලා

ඉන්දියාවේ හින්දු ජාතිකවාදීන්ගේ දැඩි විරෝධයට පත්වුණු ‘පද්මාවත්’ චිත්‍රපටය මුස්ලිම් රාජ්‍යයක් වන පාකිස්තානයේ අතිශය ජනප්‍රිය වී ඇති බවත්, චිත්‍රපටය පාකිස්තාන සිනමාහල්වල ප්‍රදර්ශනය ආරම්භ වෙද්දී, සිනමාහල් අතුරුසිදුරු නැතිව පිරී ගිය බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.
‘පද්මාවත්’ චිත්‍රපටයට පාකිස්තාන රැඟුම් පාලක මණ්ඩලයේ කිසිදු බාධාවක් හිමි වී නැති අතර, එය සැමට සුදුසු චිත්‍රපටයක් ලෙස වර්ගීකරණයට ලක් වී ඇතැයි ද වාර්තා වේ.
තමන් කලාව සහ ජාතිවාදය පටලා නොගන්නා බවත් හොඳ සිනමා නිර්මාණවලට සැමවිටම ඉඩකඩ ලබා දෙන බවත් පාකිස්තාන රැඟුම් පාලක මණ්ඩලය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.
පද්මාවත් ලෙස සංශෝධනයට ලක් වී ඇත්තේ බොලිවුඞ් සිනමාකරු සංජේ ලීලා බන්සාලිගේ ‘පද්මාවතී’ චිත්‍රපටයයි. චිත්‍රපටයට පාදක වන්නේ පද්මාවතී නමැති රාජ්පුත් රැජිනය. ඇය අයිති කර ගැනීමට ඇගේ රාජධානිය ආක්‍රමණයට පැමිණෙන්නේ මෙහෙයවන මුස්ලිම් සුල්තාන්වරයකු වන අලවුදීද් කිලීජිය. පද්මාවත් චිත්‍රපටයට පාදක වී ඇත්තේ සූෆි මුස්ලිම් කවියකු විසින් රචනා කරනු ලැබූ කාව්‍යයයි.
(එන්.ඩී.ටීවී.)

