‘නීපා’ තවත් රටවල්වලටත් පැතිරිලා



ඉන්දියාවෙන් ආරම්භ වුණු ‘නීපා’ වයිරසය, මේ වනවිට බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘නීපා’ වවුලන්ගෙන් සහ ඌරන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී ඉන්පසු මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන වයිරසයකි.
තද උණ, වමනය, ස්වසන ආසාදන මෙහි රෝග ලක්ෂණ වෙයි. වයිරසය ආසාදනය වී රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් මොළයේ ඉදිමීමක් තෙක් එය වර්ධනය විය හැකි බව වෛද්‍යවරු කියති.

‘නීපා’ වයිරසය පළමුවෙන් හඳුනා ගැණුනේ 1999 වසරේ මැලේසියාවේ ඌරු ගොවිපොලකිනි. කෙසේ නමුත් 1999 වසරෙන් පසු මේවනතුරු මැලේසියාවෙන් ‘නීපා’ ආසාදිතයන් හමුවී නැත.

ඉන්දියාවේ ‘නීපා’ වයිරස ආසාදිතයන් වාර්තා වූයේ කේරළ ප්‍රාන්තයෙනි. මේ වනවිට කේරළයෙන් ආසාදිතයන් පස් දෙනකු හමුවී ඇත. වයිරස ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගෙන ඔවුන්ට ද වයිරසය ආසාදනය වී ඇතැයිදැයි සෙවීමට පරීක්ෂණ සිදු කරන බව කේරළ සෞඛ්‍ය බලධාරීහු පවසති.

මරණ දෙකක් වාර්තා වේ. ‘නීපා’ ඉතා වේගයෙන් මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන වයිරසයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවමින් පවසා තිබේ.


RECOMMEND POSTS