‘නියෝ-කොව්’ අධ්‍යයනය කළ යුතුයි



චීනයෙන් හඳුනාගෙන ඇති කොරෝනා වයිරස පවුලට අයත් ‘නියෝ-කොව්’ නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කළ යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

මෙම වයිරසය දකුණු අප්‍රිකාවේ වවුලන් අතර පැතිර ගොස් ඇති බවට මේ වනවිට සොයාගෙන ඇති අතර මෙම වයිරසය මුල් වරට සොයාගත්තේ චීනයේ වූහාන් නුවර විද්‍යාඥයන් කණ්ඩායමකි.

කොරෝනා වයිරස පවුල යනු සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවේ සිට සාර්ස් දක්වා වයිරස රැසක් සමන්විත වයිරස පවුලකි.

වුහාන් නුවර පර්යේෂකයන් හඳුනාගෙන ඇති නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් දැනුවත් යැයි ද එමඟින් මනුෂ්‍යයන්ට අවදානමක් තිබේ ද දන්න නිශ්චිතව ප්‍රකාශ කිරීම සඳහා තවදුරටත් අධ්‍යයනය කළ යුතු යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.

සිය පර්යේෂණ සොයාගැනීම් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය චීන පර්යේෂකයන්ට ස්තූති ද කළේ ය.

මනුෂ්‍යයන් අතර පවතින බෝවන රෝගවලින් සියයට 75ක පමණ ම මූලාශ්‍රය වන සතුන් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS