‘ජී20’ සමුළුවට පුටින් නෑ



‘ජී20’ සමුළුවට ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවනු ඇතැයි රුසියාව නිල වශයෙන් නිවේදනය කළේය.

රුසියන් රජය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපති පුටින් සහභාගී නොවුණත්, පුටින් වෙනුවට ‘ජී20’ සමුවට රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් සහභාගී වනු ඇති බවය.

‘ජී20’ සමුළුව පැවැත්වෙන්නේ ඉන්දුනීසියාවේ, සුන්ඩා දූපත්වලට අයත් බාලි පළාතේය. සමුළුවේ සත්කාරකරු ලෙස කටයුතු කරන්නේ ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩෝඩෝය.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමුළුවට පැමිණීම සැක සහිත යැයි පසුගිය 8 වැනිදා ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩෝඩෝ ද පවසා තිබුණි.

‘ජී20’ යනු ලොව ආර්ථිකමය වශයෙන් බලවත් රටවලට එකමුතුවය. රුසියාව ‘ජී20’ සාමාජිකයෙකි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, තමන්ට දුරකතන ඇමැතුමක් ලබා දුන් බවත්, බාලි සමුළුවට ඔහු පැමිණෙන්නේ නැති බව තවමන්ට පැවැසූ බවත් ජනාධිපති යෝකෝ විඩෝඩෝ එම අවස්ථාවේ කියා සිටියේය.

(රොයිටර්)


RECOMMEND POSTS