‘ජී 20’ ට විරෝධයක්

‘ජී 20’ හෙවත් ලෝක ආර්ථික බලවතුන්ගේ සමුළුවට විරෝධය දක්වමින්, ලොව ප්රධාන පෙළේ සිවිල් සංවිධාන එක් වී, මේ වනවිටත් ආජන්ටිනාවේ විරෝධතා වැඩසටහන් රැසක් ආරම්භ කර ඇත.
සිවිල් සංගම් සහ සිවිල් සංවිධාන රැසක් මෙම විරෝධතා සඳහා සහභාගී වන අතර, ‘ජනතා සමුළුව’ යන නමින් විරෝධය දැක්වීමේ සමුළුවක් ද පැවැත්වෙයි.
ලෝක ආර්ථික බලවතුන් රැස් වී, බොරුවට කතාබහ කරමින්, විසර යන බවටත්, ඔවුන් ලෝකයට බලපෑමක් වන කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවටත් විරෝධතාකරුවෝ චෝදනා නගති.
(අල් ජසීරා)

